Monday, February 6, 2012

ලෝකෙන් උතුම් රට ලංකාවයි - හැටහතරවන නිදහස් සැමරුම වෙනුවෙන් මගේ පංගුව..


පෙර රජ දවස වැවු දාගැබ් ගණන් කොට
ගල් කණු අතර හප කරමින් බුලත් විට
ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද
මේ මගෙ නිජබිමයි ලෝකෙන් උතුම් රට

කහට කෝප්පේ පොගවා ගිලින්නට
පාන් කෑල්ලක් යදිනා දනන් හට
ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

රැවටී සුවහසක් බොරුකාරයින් හට
පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට
දෑසේ කදුළු ඉතිරිව නැත අඩන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

උගසට තබා මගෙ රට පිට රටුන් හට
ලොව බලවතුන් අභිමුඛයෙ දනින් සිට
සිග්මන් යදිමු සාගින්දර නිවන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

 සුනිල් ආරියරත්නයන්ගේ පද වලට ඔගස්ටස් විනයාගරත්නම් සංගීතය 


අතපසුවීම / වැ‍රැද්ද පෙන්වාදීම පිළිබඳ  කතන්දරට බොහොමත්ම ස්තුතියි.. ඔස්ටින් මුණසිංහ තමා..සංගීතය..


නෑසෙන ගී රස ඇල්බමයෙනි..

24 comments:

  1. පට්ට පට පට.. හෙන කාලෙකට කලින් අහපු සිංදුවක්.. මතකයේ තිබ්බෙම නෑ...

    ස්තූතියි වැම්පා... මමනම් මේ ගැන කථා කරන්නේ නෑ... ඒ වැඩක් නැති නිසා...

    ReplyDelete
    Replies
    1. උඹට පේනව ඇති මමත් මුකුත්ම කියල නැති විත්තිය..

      Delete
  2. අමාරු කාලෙදි නන්දා මාලිනිය කියපු තවත් පපුවටම බහින ගීතයක්.

    ReplyDelete
  3. අනේ මන්දා.... ලෝකෙන් උතුම් රට ලංකාවයි.... ලංකාවයි අපේ ලංකාවයි....

    ReplyDelete
  4. ඔගස්ටස් විනාගරත්නම් සංගිතය....???

    වෙන්න බෑ. චෙක් කරන්න. ඔස්ටින් මුණසිංහ වෙන්න ඕනෑ.

    ඔගස්ටස් ගී පද රචකයෙක්. පොර ලියූ ගීතඃ
    1. නිම්හිම් සෙව්වා
    2. ගඟ අද්දර මා

    ReplyDelete
    Replies
    1. වැ‍රැද්ද පෙන්වාදීම පිළිබඳ බොහොමත්ම ස්තුතියි.. ඔස්ටින් මුණසිංහ තමා..

      Delete
  5. කාලෙකට පස්සෙ ආයෙමත් මේක අහන්න සැලැස්සුවට ස්තූති වේවා... මේ සින්දුවට කොයි තරම් වයස ඇද්ද? අවුරුදු 20ක්!

    ReplyDelete
    Replies
    1. විසි පහකට වැඩි වෙන්න ඕන. වැඩි මිසක් අඩු නැත.

      Delete
  6. ඔය ගීතයට සම්බන්ධ තුන් දෙනාම මිය ගිහින්..
    සුද්දට නිදහස ලැබුනයි කියන කතාව මම ඉහලින්ම පිළිගන්නවා..

    ReplyDelete
    Replies
    1. මැරිල කිව්වෙ? කවුද තුන්දෙනා?

      Delete
  7. පට්ට, මට නම් හිතට අල්ලලා ගියේ සින්දුවටත් වඩා ෆොටෝ එක!

    ReplyDelete
    Replies
    1. මූණු පොතේ කජුවත්ත එක්සත් ශෙයාර් එකක්.

      Delete
  8. මේක පවන එකේ සින්ඩුවක් නම් අවුරුදු විසි හතරක් වෙන්න ඕන්න ඔනේ. මොකද මට මට මතකයි 88 මම ලංකාවේ ඉන්දෙදිත් මේ වගේ සින්දු තිබ්බ කැසට් එකක් නන්දා මාලිනිගේ පවන නම්.

    ReplyDelete
    Replies
    1. මේක පවනේ නෙවයි මතක විදියට නම්.

      Delete
  9. අහල තිබුනෙම නෑ.

    ReplyDelete
  10. මේ සින්දුව අහලම නෑ. මං හිතුවෙ වැම්පි ගොතපු එකක් කියලා....

    -----------------
    මහපොලව ඉරි තැලී
    ජල නල ද වියැලි
    පවසින් දිව ගිලී
    පහලොවක් විය ගෙඩිය තැඹිලී

    ගොස් ඇමරිකාවට
    මෙපවත් කියූ විට
    අපගේ පිපාසෙට
    කොකා කෝලා දුන්න ගමකට

    (කාලෙකට කලින් කියෝපු පත්තරෙකට මොටාගෙදර වනිගරත්න මහත්තයා ලියපු කවි පන්තියක් - මතක හැටියට)

    ReplyDelete
  11. කවුරු හරි මූනු පොතේ දාල තිබ්බා ඊයෙ.. එවෙලෙ තමා මුලින්ම ඇහුවෙ... ගැලපෙනම සින්දුවක්.

    තව එකක් තිබුනා මාස්ටර් බයිලා...

    ReplyDelete
  12. හරි හරි ඔහොම යං. ඔහොම දිගටම හෑරුවම අනිත් පැත්තෙන් ගොඩ එන්නත් පුලුවන්ලු.

    henryblogwalker the Dude

    ReplyDelete
  13. ලෝකෙන් උතුම් රට ඇත්තටම ලංකාවද? :D:D:D

    ReplyDelete
  14. සින්දුවේ අරුත නම් අදටත් වලංගුයි අඩු නැතුව.. කාටුන් එක නියමයි වචන කෝටියක් වටිනවා.

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails