Wednesday, February 15, 2012

සිරිල් ටියුඩර් ප්‍රනාන්දු, නොහොත් සී.ටී. ප්‍රනාන්දු | C.T. Fernando



සිරිල් ටියුඩර් ප්‍රනාන්දු, නොහොත් සී.ටී. ප්‍රනාන්දු ශ්‍රී ලාංකික පොප් සංස්කෘතියේ නිර්මාතෲ යැයි මට සිතුනේ වරක් දෙවරක් නොවේ. ග්‍රැමෆෝන් යුගයේ අවසාන කාලසීමාවේදි ශ්‍රී ලාංකික ශ්‍රාවකයන්ට "අමුතු" යමක් කිරීමට සී.ටී. ප්‍රනාන්දු සමත්වූ වග මාගේ හැඟීමයි. ඔහුගේ තනු වලට හා හඬ හැසිරවීමට ඉංගිරිසි තනු/ගීත වල ආභාශය නොඅඩුව ලැබී තිබුණද පද රචනා ව තුලින් ඔහු සිංහල රසිකයාගේ සිත දිනාගැනුමට සමත්විණ.  පල්ලියේ ගායක කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙසින් සංගීතයට පිවිසුණ සී.ටී. "පින් සිදුවන්නේ, බිළිඳා නැලෙවේ උකුලේ" ගීත සමග රේඩියෝ සිලෝන් (ගුවන් විදුලි සංස්ථාවේ) සරල ගී ගායකයෙකු ලෙස තමන්ගේ සංගීත ගමනට ස්ථිර අඩිතාලමක් සකසා ගත්තේය. 

බර බාගේ, ලෝ අඩ නින්දේ, අම්බිලි මාමේ ආදී ගී සමඟ තමන්ගේ පළමු තැටිය හිස් මාස්ටර්ස් වොයිස් HMV  ලේබලය යටතේ ඉදිරිපත් කරන සීටී, ධර්මදාස වල්පොල හා සමග කරට කර පැමිණෙන්නේ ලංකාවේ ජනප්‍රියම ගායකයන් වශයෙනි. බොහෝ ගීත වලට තනු නිර්මාණය  කොට තිබෙන්නේ පැට්‍රික් දෙනිපිටිය හා සීටී විසින් වන අතර පද කරුණාරත්න අබේසේකරයන්ගෙනි. (අම්බිලි මාමේ ගීතයේ පියානෝව ඇසෙන විට පැට්‍රික් දෙනිපිටිය මතක් වේවි).

ඇන්ජලීන් ගුණතිලක, රුක්මණී දේවි, ලතා වල්පොළ සමඟ යුග ගීත කිහිපයක් ගායනා කල සීටී හතර මහ නිධානය, නිම් වලල්ල, සාරවිට, පෙම් කුරුළ්ලෝ වැනි චිත්‍රපට කිහිපයක ගීත ගායනා කළේය. ඔහුගේ මුළු ගීත එකතුව හැත්තෑ පහක් පමණ වන්නට ඇති වග මාගේ හැඟීමයි.
 
සීටී බොහෝ ගීත ගායනා කළ ගායකයෙකු නොවේ. එහෙත් ඔහු සිංහල ගීත කලාවේ මෙතෙක් පහළවූ විශිෂ්ඨයන් අතර නිතරඟයෙන්ම ‍රැඳවිය හැකි වන්නේය. එයට  හේතුව ඔහුගේ ගීත අද දක්වාම ජනප්‍රිය නිසාම නොවේ. පසුව සිංහල ගීත කලාව නව මාවත් වලට යොමු කළ ක්ලැරන්ස්, ඇනස්ලි මාලේවන, ඩෙස්මන්ඩ් සිල්වා වැනි කලාකරුවන්ට අනුප්‍රාණ සැපැයූ නිසාවෙනි.

සේයාරුව ඩේලි නිව්ස්.. පැට්‍රික් දෙනිපිටිය ගිටාරය සමඟ, සීටී (උපැස් යුවලක් පළඳා) හා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර..

පහතින් ගීත කිහිපයක් ඇසීමට පුළුවනි.

අඹරුක් සෙවනැල්ලේ

අම්බිලි මාමේ

කළු මහවැලි කැළණිද වලවේ

කිමද සුමිහිරියේ

ලෝ අඩ නින්දේ

පින්සිදු වන්නේ

සැළලිහිණි කොවුල්
 




15 comments:

  1. "රන්වන් රන් කෙඳි පීරා[ල්]ලා
    චන්දන කල්කෙන් නෑවි[ල්]ලා
    කිංකිණි නූපුර නාද දී
    මල් මල් මූහුණක් සේ ඇදී
    උකුළ සලාලා
    බඳ නළවාලා
    රඟන්න සියුමැලියේ..."

    එළ වැම්පෝ..!!!

    ReplyDelete
    Replies
    1. අහල නැති අයට..

      තැන්කූ තිස්ස අයියා..

      Delete
    2. සුපිරි තිස්සයියා.... පස්ඨම සින්දුව!

      Delete
  2. වෙනදා වගේම අදත් සුපිරි මචන්... මීට වඩා ලස්සන සිංදු ගොඩාක් තියෙනව සී.ටී. ගේ.. මම එකතු කරන්නම් පහලට...

    ReplyDelete
  3. නියමයි වැම්පා නියම පෝස්ට් එක . . .

    මගේ ලඟත් සී ටී ගේ සීඩී එකක් තියෙනවා පට්ට සින්දු කලෙක්ෂන් එකක් ඒකේ තියෙන්නේත් . ..

    ලිපිය උපරිමයි

    ReplyDelete
  4. සෝක් සින්දු ටික නේ..

    ReplyDelete
  5. දවසක් අපේ ගෙවල් ගාව අංකල් කෙනෙක්ගෙ මිනිය ගේනකල් කනත්තට වෙලා කය්යක් ගහන් උන්න කාගෙද මන්ද කැඩිච්චි පොඩි සොහොනක් උඩ වාඩිවෙලා. නිකමට මොකාගෙද මේ දුප්පත් සොහොන කියල බලද්දි දැක්කෙ...ඒ සී ටී.!
    ගල්කිස්සෙ කනත්තෙ අප්‍රකටව සැතපෙන මේ ගායකයට නිසිම තැන තමයි "ශ්‍රී ලාංකීය පොප් ගායනයේ නිර්මාතෘ"

    ස්තූතියි වැම්පො.

    ReplyDelete
    Replies
    1. අඩේ මාර කථාවක්නේ බං ඒක...!!

      Delete
    2. ගමේ රටෙ මලොත් අපි උඹලටත් කවදහරි සී ටී එක්ක සැතපෙන්න ලැබෙයිනෙ බං!

      "සඳළුතලේ නැත හැරිලා බලන්නෙ" ඔව්ව උඹෙම වචන :D

      Delete
    3. හහ් හහ් හහ් අනේද බං කියන්නේ...!!!
      ජයවේවා..

      Delete
  6. හැමදාම වගේ නියම ලිපිය මචන්... ඇහෙන්නෙ නැති ගීත අහන්න මතකය අවුස්සනවට ස්තුතියි

    ReplyDelete
  7. පස්ට පට පට පටටටට.....

    ReplyDelete
  8. මම ආසම කරන ගායකයන්ගෙන් එක්කෙනෙක්....ලංකාවේ අපේ ඇ‍ඟේ තියෙන රිද්මයට ගීත කිව්ව මනුස්සයෙක්....

    ReplyDelete
  9. සීටී කියන්නෙ අපේ තාත්තගෙ ප්‍රියතම ගායකයා... මගේ මල්ලි නංගි තාත්තගෙ අත් උඩ නැලවුණේ සීටීගෙ සින්දු එක්ක. මම නැලවෙන්න ඇත්තෙත් එහෙම. තාත්තගෙ උරුමයෙන් ලැබුණ ගොඩක් දේ අතරෙ සීටීගෙ රසිකත්වයත් මට ලැබිල තියෙනවා.

    නියම සින්දු ටික තමයි. අර කිව්වත් වගේ සින්දු මහ ගොඩක් කියල නැති වුණාට කියපු ටික තියෙනව තිතට!

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails