Saturday, March 10, 2012

නෑසෙන ගී රස - ටෙලි නාට්‍ය ගී - දෙවැනි කොටස



 පළමු කොටස

ගංගා හා නිශ්ශංක ටෙලි නාට්‍යයේ සිනා පිපෙනා මේ වසන්තය ගීතය අදටත් ඉතා ජනප්‍රිය වග නොකිව මනාය. ලක්ශ්මන් විජේසේකර හා සමිතා මුදුන්කො‍ටුව ගායනයෙන් දායකවූ මෙහි මුල්පිටපත පහතින් ඇසිය හැකියි.

සිනා පිපෙනා මේ වසන්තය - මුල් පිටපත


පැරණි ටෙලි අතර සැරිසරද්දී නිල්මිණි තෙන්නකෝන්, රවින්ද්‍ර රන්දෙනිය, අජිත් ජිනදාස, අසෝකා වනමලී ඇතුළු නළු නිළි පිරිසක් රඟපෑ කුමාරයාණෙනි ටෙලිනාට්‍යය මතකයට නැගේ. සිඩ්නි චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කළ කුමාරයාණෙනි හි ගීත කිහිපයක් අඩංගුව තිබුණු අතර ක්ලැරන්ස් විජේවර්ධනගේ හා  කලණි පෙරේරා ගේ සංගීතයෙන් සියළුම ගී රසගැන්වී තිබුණි.

අහන්න පහත ගීත...

හදේ කොතැනක නිවී සැඟවුණ - ඉන්ද්‍රාණි පෙරේරා

අත්වැල ගිලිහී - අමරසිරි පීරිස්

ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ  ඈත එපිට හිම කන්දෙන් ගීතය කුමාරයාණනි තේමා ගීතයයි.

ඈත එපිට හිම කන්දෙන් - මේරියන්ස් අන්ප්ලග්ඩ්  ගීතය  

ටෙලි නාට්‍යය සෙනුරි විය යුතුයි,  රූකාන්ත චන්ද්‍රලේඛා ගේ තවත් අගේ කල යුතු නෑසෙන ගීතයක්. මුල් පිටපත පහතින් ඇසිය හැකියි.

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්

අසන්නන්ගේ ඉල්ලීම් කොමෙන්‍ටුවක් හරහා යොමුකල හැකියි...

නැවත හමුවෙනතුරු..

ජය..
වැම්පයර්

36 comments:

  1. සිනා පිපෙනා මේ වසන්තය.. මගේ කැමතිම එකක්.. අර අමසිරි පීරිස් ගේ වළා අතුළ සිරි යහනේ.. කියන සිංදුවත් ඔය නාට්‍ය සිංදුවක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි..වළා අතුල සිරි යහනේ ගීතය තිබුණේ "දළ රළ පෙළ" නාට්‍යයේ..

      Delete
  2. සීතල සිතුවිලි ගීතය සෙනුරි එකේ තමයි. මේ වගේම තව සෙට් එකක් දාමු. හුඟක් වටිනව....

    ReplyDelete
  3. ටෙලි නාට්‍ය වල කිමිදිලා හිටපු අතීතයක මතක සටහන් අපූරුයි..

    ReplyDelete
  4. Write something about 'Suseema'

    ReplyDelete
  5. සීතල සිතුවිලි. පුදුම ලස්සන තනුවක්. මෑත කාලීන ටෙලි නාට්‍යක මම අහපු ලස්සනම ගීතයක්. ස්තූතියි වැම්පා ආයෙත් මතක් කරල දුන්නට..

    ReplyDelete
  6. අනේ පුළුවන් නම් රතු රෝස එකේ වීඩියෝ (සින්දුව) හොයල දෙන්නකෝ ගොඩක් පින්

    ReplyDelete
    Replies
    1. වීඩියෝ නැත.. ඕඩියෝ ඇත!

      Delete
  7. සිනා පිපෙනා මේ වසන්තය.... පිස්සු නේ.. නෝ කමෙන්ට්ස් මචන්.... පට්ට...

    ReplyDelete
  8. මෑත කාලයේ ඇහුණු හොඳ ගීත අඩංගු ටෙලි නාට්‍ය කිහිපයක් තමයි අග පිපි මල්, සඳගලතැන්න, රස්තියාදුකාරයා, ඇහිපිල්ලමක් යට, සමනළුන්ට වෙඩි තියන්න සහ ස්වයංජාත. ඒ වගේම සමන්ත පෙරේරා සහ ඉන්දිකා උපමාලි ගායනා කළ ‘සුවඳයි මල් සුවඳ සේ‘, අමල් පෙරේරා ගායනා කළ ‘සංසාර පුරුද්දද මේ‘ සහ ඉමාන් පෙරේරා ගායනා කර ‘තුරුලිය නිසලයි‘ වගේ ගීතත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මෑත කාලයේ එව්ව නම් මගේ ළඟ අඩුයි. රූපවාහිනිය බලන එක නවත්තලම දැම්ම නේ. බලන්නම් කෝ හොයාල දෙන්න.

      Delete
  9. එල. කාලෙකින් මම කැමති සින්දු කීපයක් අහන්න ලැබුනා

    ReplyDelete
  10. හිමි අහිමි ටෙලිනාට්‍යයේ සුනිල් එදිරිසිංහ ගයන තේමා ගීය.(වචන මතකනෑ)

    ReplyDelete
  11. මේ සින්දු සෙට් එකම සුපිරි! හරිම ආසාවෙන් කාලයක් තිස්සෙ අහන ඒව. උඹට මතකද අර පාලිත සිල්වා එක්ක නිල්මිණි රඟපාපු ටෙලිය. නිදිකුම්බා මල්? දැන් 5 වතාවක් විතර පෙන්නල තියෙනවා. ඒකෙ තේමා ගීතෙ ක්ලැරන්ස්ගෙ සංගීතෙට අමරදේව මාස්ටර් කියනව මරුවට.. පුළුවන් නම් හොයාගෙන දාල දෙන්ඩ!

    ReplyDelete
    Replies
    1. මේ මැද කොටසක්, නිබද ගලා යන දිය පහරක් උව අතර ගමන් මග ගල්පර මතුවේ.රිද්මය කඩතොලු වූ විට ගීයේ නනුව රුදුරු වී සිත පෑෑරූවේ

      Delete
  12. කියන්ඩ දෙයක් නෑ... 100% යි. අද සින්දු ටික නම් මා ගාවත් තියනවා. අර ඈනෝ දාපු ටෙලි ල්ස්ට් එකෙ සින්දු ටික ලෑබෙනව නම් බෝම පින්...
    පුංචි පැටව් කියලා නාට්යයක් තිබ්බා. එකෙ තියනවා අපි යාලුයි කියල සින්දුවක් ඒකත් ලස්සනයි.

    අකාල සන්ධ්‍යා එකේ නාට්ය ගී ටික ලැබුනොත් දෙන්න. සීගිරි ඩොට් කොම් එකෙ තිබ්බා. අපිට බාන්න බැහැ. :(

    ReplyDelete
  13. මේ මෑතක විකාශය උනු යස ඉසුරු කියන ටෙලි නාට්‍යයේ තේමා ගීතයටත් ම0 ගොඩක් කෑමති,පුලුවනිනම් ඒගෑනත් විස්තරයක් කරන්න.................

    ReplyDelete
    Replies
    1. "සංසාරේ - සෙවනැලි මිනිසා . . "
      ඒක ගයා රම්‍ය අල්විස් ගේ පද රචනයට ඊශානි යශෝධා රන්ගනාත් + ජෙහාන් ශ්‍රී කාන්ත් අප්පුහාමි + අමිල සඳරුවන් (ජෝන් සීනා) ගායනා කලේ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  14. නිරානන්දය ටෙලිනාට්‍යයෙත් තේමා ගීය ලස්සනයි..හැබැයි දැන්නම් වචන මතක නෑ...

    ReplyDelete
    Replies
    1. හිත හඬයි - හිත හඬන හඬ නොඇසෙයි
      නෙත හඬයි නෙතු කඳුලු බිඳු නොපෙනෙයි

      Delete
  15. @වැම්පා -
    මේක නං නියම වැඩත්. ඒ ලස්සන අතීතේ මතක් කරලා දෙන එකට පිං. වලා අතුල සිරි යහනේ නම් තියෙනවා. හැබැයි කොලිටි එක ටිකක් ඩ්‍රොප් වගේ. පුළුවන්නං හොඳ එකක් හොයාලා දෙන්න. මචං! අර නිල්මිණීව තල්ලු කරලා ඔළුව හැප්පිලා කේස් එකක් වුනෙ කොයි එකේද? කුමාරයාණෙනිද? නිදිකුම්බා මල්ද? මට මතක නෑ. ඉඳිආප්ප කතාවත් ආපහු බලන්න ආසයි. තාම මතකයි චාපා ගේ කොණ්ඩ ස්ටයිල් එක. ඉස්සරහිං බම්ප් එක තියලා. පිස්සු ඈ... ඒ කෙල්ලට ඊට පස්සේ මොනා වුනාද දන්නෙත් නෑ.

    @හරේ... ඔය සිංදුවේ පද දෙක තුනක් මතක් කරපං කෝ...

    @පොදුවේ!!! ඔන්න නාට්ටි නං නාට්ටි!

    ReplyDelete
    Replies
    1. වන්නියා.. චාපා කියන්නේ වන්දනා ලියනාරච්චි..! ඒකි ඒකෙ විතරයි රඟපෑවෙ.
      ඉඳි ආප්ප කතාවෙ ඉන්නෙ කුසල් කරලියද්ද හා ප්‍රීතිමාලි :) ඒ නිදිකුම්බා මල් නේද? මටත් සුවර් නෑ. මේ සැරේ ලංකාවට ආවම රූපවාහිනියෙන් ඩීවීඩී ටික ගන්නයි ඉන්නේ..

      Delete
    2. ඉඳි ආප්ප කතාව - හිරුට මුවාවෙන්

      Delete
    3. මතක නෑ බං හරියට... නද්දා මාලනිත් කියනවද කොහෙද ඒක. නිකං "හිරැ නිවී.." වගේ එකකින් පටන්ගන්නෙ...

      Delete
    4. මතක නෑ මචං. හිරු දැවී කියල එකක් නං තියනවා අවසඳ එකේ..ඒක මම කලින් දැම්මද කොහෙද..

      Delete
    5. නෑ බං ඒක නෙවෙයි. ඒකත් සුපිරි සින්දුවක් තමයි! දුක තමයි එහෙනම්! දවසක හම්බ වෙයි!

      Delete
    6. ඉඳිආප්ප කතාව බලන්න කැමති අයට...

      Delete
    7. නිල්මිණි ව තල්ලු කලේ "දිය සුලිය" ටෙලිනාට්‍යයේ.
      ඒක උපාලි වනිගසුරියගේ නවකතාවකින් හැදුවේ

      Delete
    8. නිදිකුම්බා මල් ගීතය - සසර ගෙවා යන (ගායනය පණ්ඩිත් අමරදේව - සංගීතය ක්ලැරන්ස් )

      Delete
    9. නිදිකුම්බා මල් ගීතය - සසර ගෙවා යන (ගායනය පණ්ඩිත් අමරදේව - සංගීතය ක්ලැරන්ස් )

      Delete
  16. නියම සිංදු ටික සහෝ... ස්තුතියි දුන්නාට !

    ReplyDelete
  17. මෙන්න තවත් ගීත ඉල්ලීමක්,ටෙලිය රයිගම් යාලුවෝ, ගීය -
    අයාලේ යන වන සතුන් සේ
    ගොදුරු දියඇලි සොය සොයා.
    සාපිපාසෙන් කිමද මිනිසුන්
    දුවනු රස තැන් සොය සොයා.

    ReplyDelete
  18. අඩේ කුමාරයානෙනි එකට මම පට්ට ආසයි බන්.

    ReplyDelete
  19. බොහොම පින්! ඇත්තටම මම දැන් යන ටෙලි නාට්‍ය එකක්වත් නොබලන්නේ ඔය හේතුව හින්දාම තමයි. දියමන්ති මැණික් අතර හිටපු මිනිස්සුන්ට වීදුරු කැට දකිද්දි මොකද හිතෙන්නේ?

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails