Monday, March 12, 2012

නෑසෙන ගී රස.. ටෙලි නාට්‍ය ගී - සුසීමා, රතු රෝස හා ඉඳි ආප්ප කතාව- හිරුට මුවාවෙන් - අසන්නන් ගේ ඉල්ලීම්

පළමු කොටස
දෙවැනි කොටස

මේ තුන්වැනි කොටස..හා මම හිතන්නේ මම කැමතිම සින්දු ටිකක් තියන කොටස..

සුසීමා ටෙලිය දැනට ලංකාවෙ වැඩිම සින්දු ගණනක් තිබුණු එක වගෙයි මට හිතෙන්නේ. සින්දු පහක් හෝ හයක් තිබුණා. මේ දැනට මගේ ළඟ තියෙන, සොයා ගැනීමට ලැබුණු ඒවා..සියළුම ගීත වල නිර්මාණකරුවා ක්ලැරන්ස් මහත්තය තමා.

දේවතාවන් සිතන දේවල් - ක්ලැරන්ස් - සුසීමා තේමා ගීතය


දෑස පියාගත් කල



මට පෙනෙන්නෑ කොහිද ඉර හඳ


සිතේ සුසුම් නිවනා ගායනා


රෑ.. රෑ තාරකාවෝ.. මුමුණා කියන්නේ..මේකෙ තිබ්බෙත් සුසීමා මට මතක විදියට..

රතු රෝස ටෙලි නාට්‍යය.. කමල් අද්දර ආරච්චි ගේ මුල් කාලීන හොඳ රංගනයක් ඉදිරිපත් වූ ටෙලි නාට්‍යයක් ලෙස හැඳින්වීම නිවැරදියි. චාපා ලෙස රඟපෑ වන්දනා ලියනාරච්චිගේ එකම රංගනයත් මේ රතු රෝස නාට්‍යයයි. වන්නියට මතකයි නේ බම්ප් එක චාප ගේ.. :) අහන්න තේමාගීතය.. අමතක වෙන්න විදියක් නෑ...


ගීතය ගායනා කරන්නේ කමල් අද්දර ආරච්චි සමග ඉන්ද්‍රාණි පෙරේරා. පුද්ගලිකව මම සෑහෙන්න කැමති සින්දුවක්.

මල් යහනට වඩිනු මැනවි.. සමන් පිච්ච මල් කැකුළියේ


අද දවසේ අන්තිමට.. ඉඳි ආප්ප කතාව.. නැතිනම් හිරුට මුවාවෙන්. කුසල් කරලියද්ද හා ප්‍රීතිමාලි! මතකද දන්නේ නෑ. චම්පා ශ්‍රියාණි හා කමල් අද්දර ආරච්චි රඟපාපු මේ ටෙලියත් සෑහෙන්නම ජනප්‍රිය වුණා ඒ කාලෙදි.  අහලා බලන්න...

ඔබට හොරා ඔබ වෙත සෙනෙහස පා - දමයන්ති ජයසූරිය හා රෝහණ බෝගොඩ

මේ සින්දුවෙ මුලින්ම අර "ටං ටර ටර ටර ටං ටර ටං..." සද්දෙට අපි විදලා එන්නෙ ටීවී එක ඉස්සරහට...:)

නැවත හමුවෙමු..තව එකක් විතර දාන්නයි හිතන් ඉන්නේ.. නැත්නං මගේ බොලොගෙ ටෙලි බොලොගයක් වෙයි..


ජය..
වැම්පයර්


ප.ලි.
සියළුම ගීත ඔබේ පුද්ගලික පාචිචියට පමණක් යොදා ගන්නා ලෙස ඉල්ලමි. ප්‍රකාශන හිමිකම් පිළිබඳ ගැටළුවක් ඇතොත් මා වෙත ඊ මේලයක් යොමු කරන්න. සියළුම වගකීම් ගීතය ඉවත් කිරීමෙන් ඇවිරේ.

------------------------------------------------------------------------------------------------------

ඉංගිරිසියෙන් සොයන්නන් සඳහා
Rathu rosa teledrama song
Suseema teledrama songs
Hiruta muwawen song

27 comments:

  1. පපුව හාරගෙන යන සිංදු ටිකක්.....
    ඊළඟ එකත් දානකම් බලාගෙනයි ඉන්නෙ.

    ReplyDelete
  2. රතු රෝස සින්දුව නම් සැහෙන කාලෙකට කලින් උබෙන්ම ඉල්ල ගත්තා මතකනේ...

    සුසීම නම් සින්දු ඔක්කොම පට්ට. ටෙලියම තියෙනව යූ ටියුබ් එකේ.

    හිරුට මුවාවෙන් ඩී වී ඩී එක ගත්තා මම ලඟදි

    ReplyDelete
  3. http://www.youtube.com/watch?v=A7yEKKTgYlc

    http://www.youtube.com/watch?v=xyNX2p9iFY4&feature=related

    http://www.youtube.com/watch?v=qZZ0Zzb6KkA

    මේවත් ඔය ගොඩටම අයිති වෙන්න ඕන නේද?

    ReplyDelete
  4. ඊළඟ වටයෙදි දාන්න වටින සිංදු ටිකක්......

    සඳගලතැන්නේ සීතල වතුරේ (සඳගලතැන්න)
    ගිනි කඳක් ලෙද (දඬුබස්නාමානය)
    ජීවිතය කවියක් (ගජමන් නෝනා)
    සඳ කැන් දහරින් (වෙද හාමිනේ)
    සුවඳයි මල් සුවඳ සේ,
    පර මල් අතුරන්න නන්දා (ඇසල කළුවර)

    ReplyDelete
  5. අපි ඉස්කෝලේ යන දවස් වල රතු රෝස පෙන්නුවේ ... මගෙත් මාර ක්‍රෂ් එකක් තිබ්බ චාපාට... පට්ට කෑල්ල.... ජාලය පීරලා හෙව්වා වීඩියෝ එකක් නම් හම්බුනේ නෑ ... අඩුම ගානේ ෆොටෝ එකක් වත් නෑ... බුකියේත් නැද්ද මන්ද

    ReplyDelete
  6. කථා ඕන නෑනේ... වැඩේ සුපිරි.... :D

    ReplyDelete
  7. Ane,oya mara pinak karaganne.mewa niyama sindu.dan balana teledramas duwillak taramawat watinne ne.anik blog 1t ikmanata danna.waiting

    ReplyDelete
  8. ඔය තමයි ලංකාවේ නාට්‍යවල හොදම කාලේ..දැන් යන්නේ මොනවද නාටයද ??

    මට නාට්‍යයේ නම නම් මතක නැහැ , ලස්සන සින්දු දෙක තුනක් තිබ්බ නාට්‍යක් තිබ්බ කමල් රගපාන්නේ.. කසුන් කල්හාර කියන "විකසිත සිත - පායන විට " කියන සින්දුව තිබ්බෙත් ඒකේ..

    අනිත් නාට්‍ය තමයි "සමුද්‍ර චායා" , කමල්මැ තමා හිටියේ..ලස්සන සින්දු තිබ්බ..පුලුවන්නම් ඒ පැත්ත බලන්න..

    ReplyDelete
  9. සුසීමා සින්දු ටික නම් කියල වැඩක් නෑ... වැලිවිට මහත්තය චිත්‍රපටියකුත් හැදුව සෑහෙන මහන්සියෙන්. තාම පෙන්නගන්න බැරිවද කොහෙද ඉන්නේ. ඒකෙ සංගීතෙ කරල තියෙන්නෙ නිමල් මෙන්ඩිස් මහත්තය. සෑහෙන්න කල් එනකල් බලාගෙන ඉන්නෙ :-)

    ReplyDelete
    Replies
    1. උඹ කියනෙන සුසීමා ෆිල්ම් එකද? ඒක හෝල් වල පෙන්නලා අයින් කරලත් ඉවරයි නේද. මන් අහලා තියෙන්නේ නම් එකේ නාට්ටියේ තිබ්බ සිංදු එකක්වත් නැහැ කියලා

      Delete
  10. රේඛා ටෙලිය මතකද? චන්ද්‍රලේකාගේ පට්ටම සිංදු දෙකක් තියෙන්නේ....

    නීල නුවන් යුග...
    දැල්වූ පහන්...

    ReplyDelete
    Replies
    1. තව එකක් තියනවා මචං හරියටම කිව්වොත්..!

      Delete
  11. සුසීමා එකේ සින්දු ටික මාරම ටචින්.හීනියට අඩියක් ගහන වෙලාවට ගිටාර් එකට යන නියම නම්බස් ටික විශේශයෙන් ,මට පෙනෙන් නෑ කොහෙද ඉරහද....

    ReplyDelete
  12. අසල්වැසියෝ ටෙලියේ කොපියක් එහෙම නැද්ද කා ලගවත්?

    ReplyDelete
  13. අඩේ, එපා වෙනවා බං ! මේ සින්දු ටික නෙවෙයි ! මේ ටික ඇහුවම අනෙක් සිංදු එපා වෙනවා...!!!

    සුසීමා එකේ ක්ලැරන්ස් එක්ක ජැක්සනුත් සිංදු කියලා තියේ නේද ?

    තැන්කූ සිංදු ටිකට

    ReplyDelete
  14. මේ මම ආස ටෙලි නාට්‍යයක ගීතයක්.

    එකක් තමයි අමරිසිරි පීරිස් ගායන කරන "මලක් වුණේ ඇයි නුඹ මට". නාට්‍යයේ නම නම් මතාක් නෑ. ග්‍රැන්විල් රොඩ්‍රිගූ රඟපාපු බව නම් මතකයි.

    ReplyDelete
  15. අනික තමයි ග්‍රේෂන් ආනන්ද මහත්මයා ගායනා කරන "ආදර සීනුව" කියන ටෙලි නාට්‍යය ගීතය.

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා..ඩ්‍රාමා එක "ප්‍රමාද වැඩියි"..!

      Delete
  16. අනේ සහෝ රතු රෝස vedio 1 තියන තැනක් කියන්න පුළුවන් නම් ලොකු help 1 ක්. net 1 පීරලා හෙව්වා. ඒත් නෑ.

    ReplyDelete
  17. මම පොඩිම කාලේදී තමා රතු රෝස ගියේ. ඒක love story ක් නිසා අම්මල බලන්න දුන් නෑ මට. අම්මල මාව නිදි කරවල තමය් ඕක බලන්නේ. ඒත් මම හොර වගේ ඉදලා දොරට කන තියාගෙන කතාව අහගෙන ඉන්නවා. චාපාගේ voice 1 හරි අමුතු නිසා මම හරි ආසය්. කවුද මන්ද මට කීව එහෙම voice 1 හද ගන්න නම් සබන් වතුර බොන්න ඕන කියල. මම එකත් කලා. අන්තිමට වමනේ දාල බේරුනා. තාත්ත මාව බය කලා girl කෙනෙකුට එහෙම voice 1 ක් කැතය් කියල :) ඒක හොරෙන් බලන්න ගිහින් tv 1 areal 1 කඩලා බය්න්ඩර් ගම් ගලා අලවල එකත් අහු උණා. අම්මල අදටත් ඔය කතා 2 කියා කියා මට හිනා වෙනවා. ගොඩාක් ඉස්තුතිය් රතු රෝස song 1 දැම්මට. පුළුවන් නම් video 1 හොයා ගන්න පුළුවන් තැනක් කියන්න.

    from : 1:16pm ඇනෝ

    ReplyDelete
  18. ගොඩ කාලෙකින් මේ පැත්තෙ ආවේ. අම්මෝ වැම්පෝ උඹ මාව අතීතෙට අරන් ගියා. සුසීමා එකේ 'දෑස පියාගත්කල' එකයි 'සිතේ සුසුම් නිවනා ගායනා' එකයි තමයි මම ආසම. ක්ලැරන්ස් ගෙ රැව් දෙන හඬ අහද්දී ආයෙ මොනවද. අන්න ටෙලි! අන්න සින්දු!

    ඔය ඉඳි ආප්ප කතාවෙන් මතකද පිස්සුවක් ආව චකබ්ලාස් කියල? ඒ දවස් වල අපේ ගෙදරටත් ඕකක් ගෙනත් හෙනම ගේමක් දුන්න එක ඉත්තෙක් ඉතුරු වෙන්න කපන්න. අනිතිමට කොහොම හරි කර ගත්ත!

    ReplyDelete
    Replies
    1. අනිවා.. මා ගාවත් තිබුනා.

      Delete
  19. හිරු තනිවෙලා කියලා නාට්ටියක් ගිය ස්වර්ණවාහිනියේ, මට මතක හැටියට හර්බට් රංජිත් ගේ අන්තිම නාට්ටිය එක. ඒක සිරා සිංදුවක් තිබ්බා "හිරු ඉල්ලා හඬමින් උන්" කියලා ලක්ෂ්මන් විජේසේකර එක්ක කවුද ගායිකාවක් කියන.

    ReplyDelete
    Replies
    1. http://www.elakiri.lk/forum/showthread.php?t=1376466

      මරේ.. ගායිකාව ඉන්දිකා උපමාලි.. ෆස්ම සෝං එක තමා එයාගෙ.

      Delete
  20. සියළු දෙනාට ම ස්තුතියි ප්‍රතිචාර වලට..

    ReplyDelete
  21. අහම්බෙන් ගොඩවැදිලා හොය හොය හිටපු සින්දු ගොඩක් බාගත්තා... බොහොම ස්තුතියි සහො..

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails