Wednesday, March 14, 2012

පයි දිනය වෙනුවෙන් පයි ගැන විස්තර

අද තමයි ලෝක පයි දිනය. කල්පනා කරල බැලුවොත් ඇයි අද පයි දියන කියල හිතාගන්න අමාරු වෙන එකක් නෑ. අද පයි දිනයෙ පයි වෙලාව තමා එකයි පනස් නවයයි තත්පර  විසි හය!  මේ සටහන පයි ගැන අමුතු අමුතු කාරණා සොයන්නන්නට. පයි ගැන ඔබ තුමන් ලා දන්නා වැඩි විස්තරත් කොමෙන්‍ටුවකින් දාලා යන්ට.

1. පයි කියන්නේ දැනට ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන දෙයක්. පයි කියන්නේ "ලොව වැදගත්ම" නියතය බව බොහෝ දෙනා පිළිගන්නා කරුණක්.

2. පයි කියන්නේ අපරිමේය (මේ සිංහල වචනෙ නං හරිද මන්දා, ඉ‍රැශනල් කියලයි කඩ්ඩෙං කියන්නේ) සංඛාවක්. ඒ කියන්නේ දශමස්ථාන ඉවර වෙන්නේ නෑ, දශමස්ථාන පුනරාවර්තනය (රිපීටිං ඩෙසිමල්ස්) වෙන්නෙත් නෑ. ඒ කියන්නේ p/q ආකාරයෙන් (p,q තාත්වික සංඛ්‍යා) ආකාරයෙන් පයි ප්‍රකාශ කරන්න බෑ!

3. ඒක නිසා වෘත්තයක පරිධිය/වර්ගඵලය, ගෝලයක වර්ගඵලය හා පරිමාව වගේ පයි කියන නියතය අඩංගුවන දේවල් න්‍යායිකව හොයලා  කවමදාකවත් හරියටම කියන්න බෑ!

4. පයි වල මුල් අංක එකසිය හතලිස් හතරේ අගය හයසිය හැට හයට සමානයි. (666 යක්ෂයාගේ ඉලක්කම)

5. දෙදහස් දෙකේදී ජපන් ජාතික ගණිතඥයන් පිරිසක් සුපිරි පරිඝනකයක් යොදාගෙහ පයි දශමස්ථාන ට්‍රිලියන 1.24 ක් ගණනය කර තිබුණා. කට්ටිය බලයි නේ මොකද මෙච්චර මේක ගැන නිවැරදිව හොයන්නේ කියලා.. උදාහරණයක් විදියට ගන්නකෝ අපේ මන්දාකිණියේ විශාලත්වය. අන්න ඒ වගේ රවුමක් කොච්චර ලොකුද කියලා බලාගන්න නිකං දන්න 22/7 න් ගුණ කරලා හරියන්නේ නෑ! හැබැයි දන්න කටිටිය නම් කියන්නේ දශමස්ථාන සීයකට අගය ඕනෑවටත් වඩා වැඩිය ප්‍රමාණවත් කියලා ඔය ගැලැක්සි වැඩේටත්!

6. පයි මුලින්ම නිවැරදි ක්‍රමයක් අනුගමනය කරමින් අනුමාන කළේ සරකියුසාවේ ආකිමිඩිස්, එහෙම නැත්නං නිකංම නිකං ආකිමිඩිස්! රෝම අධිරාජ්‍යයා සරකියුසාව යටත් කරගෙන ආකිමිඩිස්ව ගෙන්නගන්න පණිවුඩ යවලා තියෙනවා. ආකිමිඩිස් තමගේ කටයුතු වලට කෙතරම් අචධානයක් යොමුකර තිබුණාද කියනවානම් රෝමයට තමන්ගේ ප්‍රදේශය යටත් වුණු බව වත් දැනගෙන ඉඳලා නෑ! ආකිමිඩිස් බව නොදැන රෝමන් සොල්දාදුවන් අතින් ආකිමිඩිස් මිය යද්දී, "do not touch my circles!!  යනුවෙන් ආකිමිඩිස් ග්‍රීක් බසින් මොරදුන් වග සඳහන්.

7. ඇල්බට් අයින්ස්ටයින් පයි දවසේ උපන්නෙක්.

8. ආකිමිඩිස්ට පළමුව පයි පිළිබඳව ඊජිප්තු පැපිරස් ලියමනක සඳහන් වෙනවා. මේ ලියමන 1650 බී.සී. තරම් පැරණියි!

9. පයි කියන නියතය මිනිසුන් සෘජුව හෝ වක්‍රව භාවිතා කරන්නට පටන් අරන් වසර හාරදහසකට වැඩියි!
10. ග්‍රෙගරි ලෙබනීස් ශ්‍රේණිය පයි අගය ලබාගැනීමට ඇති සරල සූත්‍රයක්. පද ගණන අනන්තය දක්වා දිවෙනවා.

11. ගිසා හි පිරමීඩයේ පරිධිය හා උස අතර අනුපාතය පයි ගේ අගය මෙන් දෙගුණයකට ඉතා ආසන්නයෙන් සමානයි.

12. පයි ගේ දශමස්ථාන නිවැරදිව මතකයෙන් කීමට අයිති ගිනස් වාර්ථාව සතු වන්නේ චීන ජාතිකයෙකුට. ඔහුට දශමස්ථාන 67,890 ක් නිවැරදිව පයිගේ අගය කීමට පුළුවන් වෙලා තියෙනවා.

සුබ පයි දවසක් වේවා...!!


ප.ලි.
පයි දිනය - මාර්තු දා හතර - පයි ගේ  මුල් ඉලක්කම් 3.14 පයි වෙලාව 1.59.26 ..පයි ගේ මුල් අංක 3.1415926

35 comments:

  1. මොන පයි ගැන හරි කමක් නෑ.. මචන්.. මේ පෝස්ට් එක දවස් දහයක් ඇතුලත් හිට් 3500ක් පනිනවා.... මාස එක හමාරක් ඇතුලත හිට් 5000ක් පනිනවා.... අද දවස ඉවර වෙන්න කලින් උඹේ ටොප් චාට් එකේ මුදුනටම එනවා..... :D

    ReplyDelete
    Replies
    1. අනිවා. ඉස්සර පයි ආර් වර්ගය කියන කොටම මට හිනා යනවා

      Delete
    2. පයි වර්ග ගැන පෝස්ටුවක් දාන්න අදහසක් නැද්ද?

      Delete
  2. අපෝ ඔය ඉවරයක් නැති පයි...

    ReplyDelete
  3. මම හිතුවෙ මේ කන පයි ගැන කියලා... මීට් පයි... චීස් පයි... එව්ව කියලා..

    අභියා එක්ක එකඟයි. මේක උබේ මෙතුවක් කාලෙට කෙටි කලකදි වැඩිම හිට් ලැබූ ලිපිය වෙනවා අනිවා ඩේෆා

    ReplyDelete
  4. මමත් බැලුවෙ මේ කෑමක් ගැන ලියලයි කියලා. බලනකොට මේ පයි නේ! කොහොම උණත් අලුත් කරුණු ටිකක්..... තැන්කුයි!

    ReplyDelete
  5. ගණං කරන අය නම් මේ ගැන ගොඩක් විස්තර දන්නවා...

    ReplyDelete
  6. ආ මේ කියල තියන්නෙ ටූ පයි ආර් එකේ මැද්දෙ තියන පයි එක ගැනනෙ.. මම මේ කඩාගෙන බිඳගෙන ආව.. අපරාදෙ ත්‍රීවෟල් එකට දුන්න සල්ලි

    ReplyDelete
  7. පයි ඉතිං වැදගත් එකක් නෙව

    ReplyDelete
  8. මේක කියවල මටත් අපි ඉස්සර ගණන් හදපු කාලෙ මතක් වුනා දෙක පයි ආර් දාල හික් හික්

    ReplyDelete
  9. සුබ පයි දිනයක්....
    මමත් ඔය පයි ගැනම ගිය අවුරුද්දෙ පයි දිනේ ලියුවා මෙන්න මෙහෙම...
    http://tinyurl.com/6mdshza
    ඉතිං වැම්පයර්... ඒ පයිත් මේ පයිත් හැර වෙනත් පයි තිබේද ?

    ඇල්කෙමියා

    ReplyDelete
    Replies
    1. තිබේය ඇල්කෙමි.. බුලත් පයි!

      Delete
  10. ඔය පයි ගැන චිත්‍රපටියකුත් තිබුණා. ඒකෙ කියවෙන්නෙ ලෝකෙ තියෙන හැම දේටම හරියන යුනිවර්සල් සමීකරණයක් හොයන පොරක් ගැන... ටිකක් විතර මොලේ කචල් වුණාට සිරා ච්ත්‍රපටියක්...

    http://www.imdb.com/title/tt0138704/

    ReplyDelete
    Replies
    1. ලිංක් එක කොපි කරගන්න බෑ... :(

      Delete
    2. ඔව් බං.. වැම්පයර් මේකට මතුරල ;-)

      Delete
    3. මෙන්න ටොරන්ට් එක බාගන්න
      http://www.yify-torrents.com/movie/Pi_1998

      Delete
    4. මං ගාව තියෙනවා ඊට වඩා බලගතු මන්තරයක් මේ ජාතියේ බ්ලොග් වලට මතුරන්න. එතකොට ඕන එකක් කොපි කෙරුවැකි! :D

      Delete
  11. ගොඩක් දැන ගත්තා තොරතුරු. ඉන්ටරස්ටින්. ස්තූතියි වැම්පෝ...

    ReplyDelete
  12. අපූරු කාරණා ටිකක්!

    ReplyDelete
  13. පයි නොමැති ගණිතයෙන් ඇති පලේ කිම.
    මම හිතාගෙන හිටියෙ වෙන දවසක් කියලා.

    ReplyDelete
  14. බලාගෙන ගියාම පයි නැත්නම් ලොවෙත් නෑ

    my Blog : www.thunsitha.tk

    ReplyDelete
  15. මම හිතුවෙ අර කෑම ජාතිය කියලා බං. ඔය පයි කියලා දන්නව නම් එන්නෙත් නෑ, මට ගනං අරහං.
    henryblogwalker the Dude

    ReplyDelete
  16. මාත් හිතුවේ නිකන් වෙජිටබල් පයි ගැන වගේ සීන් එකක් ඇති කියල... :D

    ReplyDelete
  17. ප.ලි.ය බැලුවට පස්සෙ තමයි ටයිටල් එක තේරුනේ. ඉස්සෙල්ලම පයි හොයාගත්ත එකනං මාර සිරා වැඩක්.

    ReplyDelete
  18. හිහ් හී .......
    මම අදමයි පයි ගැන දැන ගත්තෙ .......

    ReplyDelete
  19. කෑවට මේ වගේ විස්තරයක් දැනගෙන හිටියේ නෑනේ.
    එසේම වේවා....:D

    ReplyDelete
    Replies
    1. මේ පයි නිසා තමයි ඔය කන පයි වලට ලස්සන රවුම් හැඩයක් තියෙන්නෙත් :)

      Delete
  20. මම හිතුවේ අනික් පයි ගැන මේ කියන්නේ කියලා....

    ReplyDelete
  21. වැම්පා මාමේ චොකෝ පයි ගැනත් පෝස්ට් එකක් දාන්නකෝ....

    ReplyDelete
  22. කිසිදා නිමාවක් නැති අපරිමේය පයි! පයි දිනයක් ගැන දැනන් හිටියේ නැහැ නේ.
    මට නම් ඕක දශම ස්ථාන 3 කට එහා මතක නැහැ :D

    ReplyDelete
  23. මරු මරු... අපි ඉස්කෝලේ කාලේ ඕකට කිව්වේ ෆයි කියලා... :P

    //1650 බී.සී.// කියන එක ක්‍රිස්තු පූර්ව 1650 කියලා ලිව්වා නම් හොඳ නේද ?

    ReplyDelete
    Replies
    1. අම්මප ඒක මට අමතක වෙලා තිබ්බේ.. තැන්කුයි..

      Delete
  24. අපෙ අප්පෝ.. ස්තුතියි සියළුමදෙනාට. මම මේ වගක් දන්නවනං ලියන්නෙම ගණිතය ගැන නෙ..

    ReplyDelete
  25. ධහිකිස්...මේ පෝස්ටුව කියෙව්වට පස්සෙ ප්‍රේමවන්තයො තමන්ගෙ ආදරේ ප්‍රකාශ කරන්නත් 'පයි' අගය යොදාගනීවිද මන්දා... ඇයි ඉතින් දශම ගැනල ගැනල ඉවරයක් නෑනෙ... :D

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails