Sunday, April 15, 2012

නෑසෙන ගී රස - ටෙලිනාට්‍ය ගී - අවසන් කොටස



සුබ නව වසරක් වේවා.. පහුගිය අවුරුද්දෙ පටන්ගත්තු වැඩක් තියෙනවා නේ ඉවර කරන්න. මතක ඇති ටෙලි නාට්ටි ගී කියල පොඩි සෙග්මන්ට් එකක් ඇදගෙන ආවා. මේන්න මේකෙං ඒ නඩලම ඉවර කරන්නයි හදන්නෙ. මතකත් නෑ නෙ මොනවද දුන්නෙ කියල.. මේං මේවයිං පුලුවනි බලාගන්න.

ටෙලි නාට්‍ය ගී මුල් කොටස
ටෙලි නාට්‍ය ගී දෙවැනි කොටස
ටෙලි නාට්‍ය ගී තෙවැනි කොටස
ටෙලි නාට්‍ය  ගී සිව්වැනි කොටස

අහ් සිව්වැනි කොටස කියන්නෙ මේකනේ..ඒකෙත් හැටි..
පටන් ගමු ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගෙ දඬුබස්නාමානයෙන්..  කේමදාස මාස්ටර් ගෙ සංගීතයෙන්..

තේමාගීතය - රකිනා දිවිසිත
ගිනි කඳක් ලෙද - මාලිනී බුලත්සිංහල, අමරසිරි පීරිස්

පැටියෝ දුක දරාගන්න - මාලිනී බුලත්සිංහල.. මේක තිබුණෙ අකාල සන්ධ්‍යා ටෙලිනාට්‍යයේ..

දෝන ඉසබෙලා නොහොත් ගජමන් නෝනා ටෙලිනාට්‍යයේ
ජීවිතේ කවියක් - බණ්ඩාර ඇහැලියගොඩ,රෝහණ වීරසිංහ, නන්දා මාලිනී

මේක ඇහුවොත් දෙසරෙයක් අහනවා සහතිකෙන්ම.. බන්දුල නානායක්කාරවසම් සුදත් රෝහණ ගේ බැද්දෙ ගෙදර ටෙලිනාට්‍යයට ලියූ රෝහණ වීරසිංහ සංගීතවත් කළ නන්දා මාලිනිය ගැයූ
අකල් මාරුතෙන් ගිලිහී...
මේක කොහොමද බලන්න...
වරා මලෙන් - රොහාන් බුලේගොඩ,දීපා ජානකී,රාජ් වික්‍රමසිංහ, බන්දුල නානා තමා ලිව්වේ...

ඇසල කළුවර.. සුවඳයි මල් සුවඳ සේ...සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි, කේමදාස මාස්ටර් මියුසික් කළේ.. කුස රජතුමා තමයි ලිව්වෙ..

පාඨක ඔබේ ඉල්ලීමක්.. අග පිපි මල් ටෙලිනාට්‍යයේ නදීක ගුරුගේ...
අහස ගුගුරා..

එහෙනං ඉවර කරන්නං.. පට් පට් ගාල දැම්ම වැඩිය විස්තර කියන්නේ නැතුව.  උත්සව කාලෙ නේ.. නටාගෙන යන්න.. සිඩ්නි චන්ද්‍රසේකරගේ A9,
වාංග මචාං...





ජය..
වැම්පයර්

12 comments:

  1. වාංග මචාං.. කාලයක් හොය හොය හිටපු සිංදුවක්.. ඔන්න බාගත්ත.. ජය වේවා.. මේ නාට්ටියෙන් තමයි ඔරු ඩාන්ස් එක එලියට ආවෙ. නටන්න බැරි එකෙක්ට උනත් ඒකනං නටාගන්න පුලුවන්. :D

    ReplyDelete
  2. thnQ..........n wish u a Haffy New year....:)

    ReplyDelete
  3. මේ සිංදු ටික ආයෙත් අහන්න ලබා දුන්නට ගොඩාක් ස්තූතියි!

    ReplyDelete
  4. මට ආදරේට කියන්නේ පැටියෝ කියලා. මාලිනි බුලත්සිංහලගේ 'පැටියෝ දුක දරාගන්න' කියනකොට මට දැනෙන්නේ ඒක මට කියනවා වගේ.

    අනේ මට නම් දුක දරාග්නට බෑ.:(

    ReplyDelete
  5. මෙතනට තව සිංදුවක් එන්න ඕනෙ. ඒක තමයි ඇන්ටන් ජූඩ් මහත්මයා ගායන කරන "අයිෂමා ගුන්ඩු" කියන සිංදුව. මතක විදිහට "සකිසඳ ස්ළියස්" නාට්‍යයේ තේමා ගීතය තමයි මේක.

    ReplyDelete
  6. ලස්සන සිංදු සෙට් එක

    ReplyDelete
  7. මටත් මතක් උනේ සකි සඳ එලියස් එකේ සින්දුව. ඒකත් තිබ්බනං පංකාදුයි

    ReplyDelete
  8. ස්තුතියි වැම්පයර්.
    හතරවෙනි කොටස තියෙන පි‍ටුව නැතිලු.
    එතකොට අර යූ බටේ තියෙන සින්දු වල් MP3 ෆෝමැට් නැත්ද?
    අර සුසීමා සින්දුව නම් නෑ එතන.
    සුභ අලුත් අවුරුද්දක් වැම්පයර්


    henryblogwalker the Dude

    ReplyDelete
  9. වැම්පයර් අයියා....වටිනා කියන ලිපි පෙලක්....මගේ ගීත එකතුවේ අඩුපාඩු කීපයක් සම්පූර්ණ කරගන්න පුළුවන් උනා.....පට්ට.....

    ReplyDelete
  10. අග පිපි මල් එකේ තේමා ගීතය (අහස ගුගුරා) ගායනා කරන්නෙ නන්දා මාලනී. සංගීතය නදීක ගුරුගේ විසින්. ඔබ ලබා දී ඇත්තේ නදීක ගායනා කරන guide track එක. හැබැයි නන්දා මාලනී ගායනා කරන එකට වඩා නදීකගෙ එකට මම කැමතියි.

    මේ තියෙන්නෙ නන්දා මාලනී ගයන ගීතය

    ReplyDelete
  11. මේ සින්දු හොයල දුන්නට ගොඩක් ස්තුතියි. තව ඉල්ලීමක් තියනවා, "ඇසල කළුවර" ටෙලි නාට්‍ය අන්තිමට නම් යද්දි දාන සිංදුව හොයාගන්න තියනවද? මතක හැටියට ඒක කියන්නෙ කුමාරි මුනසිංහ මහතමිය. (එක සිංදුවක්මත් නෙමෙයි මම හිතන්නෙ... :)).

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails