Wednesday, April 18, 2012

කොපි කළ හින්දි ගී.. I

මාතෘකාව දු‍ටුවනම සිහියට නැඟුනේ හැටේ දශකයේ සිට අනූව දශකය දක්වා සිංහල චිත්‍රපට ගීත කලාව හා ජෝතිපාලයන් නම්, ඔබ වැරදියි. මේ කුඩා සටහන් පෙළ ලියැවෙන්නේ ඉංගිරිසියෙන් හා වෙනත් බස් වලින් මුල් ගැයුම් ඇති, ඉන්දීය සංගීතවේදීන් විසින් අනුකරණය කොට නැවත ගැයුනු ගීත පිළිබඳවයි.  හැටේ හා හැත්තෑවේ සිංහල චිත්‍රපට ගී තරම් අනුකාරක ගී  ප්‍රමාණයක් නොවුණත් සැලකිය යුතු තරමක් වෙනත් අනුකාරක ගීත බොලිවුඩ් ගී කලාවේ පවතින බව කුප්‍රකට කරුණක්. පනහේ දශකයේ මොහොමඩ් රා‍ෆි හා කිශෝර් කුමාර් වැනි බොලිවුඩයේ වන්දනීය ගීත ගායකයින් ගේ පටන් උදිත් නාරායන් , ආල්කා යාග්නික්, කවීතා ක්‍රිශ්ණමූර්ති වැන්නවුන් දක්වාම අනුකාරක ගී ගායනයේ යෙදුණ වග පැවසුවහොත් ඔබ පුදුම වනවාට සැක නැහැ.  කොටින්ම කියනවානම්, ඔය කුච් කුච් හෝතා හේ චිත්‍රපටයේත් අනුකාරක ගීතයක් අඩංගු වෙනවා.

හරි පටන් ගමු එහෙනං.. ලිපි කීපෙකින් වැඩේ නවත්තනවා..නැත්නං මේක නිකං එක විදියක් වගේ වෙනවානේ.  ඇරත් හින්දි සින්දු මගේ ගෝචර විශයකුත් නෙවේ.. ඕං කිව්වා.. :)

නවසිය පනස් හයේ තිරගතවුණා සී.අයි.ඩී කියල චිත්‍රපටයක්. ගුරු දත් නිශ්පාදනය කල සී.අයි. ඩී වල දේව් ආනන්ද්, ජොනී වෝකර්, ශකිලා චගේ ඒ කාලෙ සෑහෙන්න ජනප්‍රිය වෙච්ච සෙට් එකක්ම රඟපෑවා. ජොනී වෝකර් රඟන පහත රූපරාමු පෙළේ ගායනය මොහොමඩ් රා‍ෆි ගෙන්, නයියාර් මහත්තය තමයි මියුසික් කලේ.



දැන් කට්ටිය දන්නවා නේද කොපිය මොකක්ද කියලා. ඔරිජිනලේ හද්දා පරණ සින්දුවක්. අටසිය ගණන්වල!  ඕ මයි ඩාලිං ක්ලෙමන්ටයින්...පහත තියෙන්නෙත් ඔරිජිනල් එක නෙවයි හොඳේ..



ඉවරයි කියල හිතුවට ඉවරම නෑ.. මේක කොපියක් කිව්වනේ ධර්මදාස වල්පොල මහත්තයත්!


සූරයා චිත්‍රපටයේ සැනසිල්ල නැලැවිල්ල..

ඊට පස්සෙ මේකම අමිත් වල්පොල, සුමිත් වල්පොල ඩබලත් කිව්ව වග කියන්න දෙයක් නෑ නේද..

අදට ගියා..


ජය..
වැම්පයර්

14 comments:

  1. ජෝතිපාල උන්නැහේගේ සින්දු කොච්චර කියලා දාන්නද බන් මේ කැටගරිය අස්සේ..!
    වටින වැඩක් මචන් ජය!

    ReplyDelete
  2. මම මුලින් ම හිතුවේ ජෝතිපාලගේ සිංදු සෙට් එක කියල... මම ගොඩක් වෙලාවට හිතන්නේ සිරා සිංදු ඔක්කොම ඔරිජිනල් හින්දි කියලනේ.... පුළුවන් තරමක් දාන්න

    ReplyDelete
  3. අර ජෝතිපාලම කියන "කොයි යන්නේ බද නළවාලා" කියන සිංදුවේ ඔරිජිනල් හිංදි එක මම ඇහුවේ සයිවර් කඩේක ප්ලේන්ටියක් බිබී ඉන්න වෙලාවක. ඒක අහලා මගේ හිත කොච්චර කැඩුනද කියනවනං, ප්ලේන්ටියේ බාගෙකටත් වඩා එහෙම්මම තියෙද්දි මම නැගිටලා එන්න ආවා.
    එදා වෙනකං මම හිතාගෙන හිටියේ ජෝතිපාල කියන සිංදුව ඔර්ජිනල් එකක් කියලා...
    පුළුවංනං ඒ හිංදි සිංදුවේ ලිංක් එකක් හරි මෙතන දාන්න. යූ ටියුබ් එකේ කොහේදිදෝ මංදා මම ඒක දැක්කා...

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. "කහන් චල් ඩියේ..."

      http://www.youtube.cඔම්/වට්ච්?ව්=උ91Q-zඓ0ම්Cc

      මේක ලස්සන සින්දුව රනා

      Delete
  4. ගීත් මධුර් කියල හින්දි සින්දු 300ක විතර කලෙක්ෂන් එකක් තියෙනවා. ඔය ටීවී වල ප්‍රෝග්‍රෑම් වල හැමදාම පට්ට ගහන හින්දි සින්දු වලට අමතරව අම්බානක් සින්දු තියෙනවා. ඒක අහද්දියි තේරෙන්නෙ ඒ දවස්වල ජෝතිල මිල්ටන් පෙරේරල සේරම කියල තියෙන්නෙ හින්දි තනු වල සිංහල වර්ෂන් කියල. හැබැයි ඒ එක්කම අහු වෙනව පරණ ඉංගිරිස් සින්දුවලට හදපු සිංහල එව්ව ඕන තරම්...

    ReplyDelete
  5. ඔන්න මාතෘකාවට අදාලව මගෙනුත් එකක්...

    මෙන්න ඔරිජිනල් එක එල්විස් ප්‍රෙස්ලි ගායනා කරපු..Margarita..

    මෙන්න ඒක කොපි කරල හින්දියෙන් මොහොමඩ් රාෆි කියපු... කෝන් හේ ජො සප්නෝ මේ ආයා...


    මෙන්න හින්දි එක කොපි කරල ජෝති කියපු ... සුදු පාට මීදුම් ගලාලා...සුදු පාට මීදුම් ගලාලා...

    ReplyDelete
    Replies
    1. සපා මේ මාගරිටා කියන සින්දුව සිරාම සිරා - ස්තූතියි මතක අවධි කලාට...

      Delete
    2. අඩේ !!! මාරම ගති... තැන්කූ ලින්ක් ටිකට !!!

      Delete
  6. ලස්සන සිංදු ටික.

    ධර්මදාස වල්පොල මහත්තයාගේ 'සැනසිල්ල නැලවිල්ල' අහනකොට නම් පොඩ්ඩක් හිනාත් ගියා. කොපි කරනවා කීවට මෙහෙම කොපි කිරිල්ලක්.:D

    ReplyDelete
  7. ජෝතිපාල විතරක් නෙමේ, මිල්ටන් මල්ලවාරච්චිගේ ඉදන් කසුන් කල්හාර දක්වා ඇති තරම් ගායකයන්ගේ හින්දි තනු වලට ගහපු සින්දු තියනව. වෙන එකක් තියා ආනන්ද සමරකෝන් තුමාගෙත් හින්දි කොපි කැට් තියනව. මේ ලගදි ගු.වි ඉන්න යාලුවෙක් කියනව පොරට නම් අපේ ජාතික ගීයත් ෂුවර් නෑලු. කතාව ඔහොම උනාට අළුතින් සින්දු කියන කට්ටියට බනින්න කරන්න ප්‍රවීණයෝ ඕනි තරම්.

    ReplyDelete
    Replies
    1. කසුන් කල්හාර හින්දි තනුවකට ගහපු සින්දු තියෙන්නෙ මොනවද? දන්නෙ නැති නිසයි අහන්නෙ. කරුණාකර කියන්න.

      Delete
    2. සමාවෙන්න,,මම එතන අදහස් කලේ ගොඩක් දෙනෙක් හින්දි තනු කොපි කරලා තියනව කියල.
      කසුන් කල්හාර පරණ ඉංගිරිසි එකක් (මායා බෝන්චි) සහ තවත් ඔය වගේ එකක් කොපි කරපු එක දන්නවා. තව නොදන්නා දේවල් කොච්චර ඇතිද,

      Delete
  8. අපේ රජරට පුත්‍රයාගේ බ්ලොග් එක මෙව්වට තෝතැන්නක්...
    රස ගංගාවක්...

    මෙන්න ලින්ක් එක..

    http://slhindihits.blogspot.com/

    ReplyDelete

මොනවා හරි කුරුටු ගාමු... comments will be visible after approval ...!

LinkWithin

Related Posts with Thumbnails