මටත් ඉතිං සති අන්තය වැඩි වැඩක් තිබුණෙ නැති නිසාත් එතැන ඩියුටි ෆ්‍රී අයිටම් තිබීමේ සෑහෙන්න ලොකු සම්භාවිතාවත් තිබුණ නිසාත් මමත් කකුල් දෙකෙන් ම කැමතිවුණා මුගේ යාළුවා බලන්න යන්න.
ඔන්න ඉතිං අපි දෙන්නා හිස් අතින්ම ගියා අළුත් බුවා බලන්න. මිනිහත් නියම බුලට් එක. ජාත්‍යන්තර බාසාවෙන් තමයි ඉතිං අමාරුවෙං කතාව. අපි දන්නවද කොරියන්.
හරි දැං කතාව.. දැං තමයි පටංගන්නේ...
කොහොම හරි ටික වෙලාවක් යද්දි දොඩමළු වීම වැඩි වෙනවනේ. අළුත් බුවා කියනවා..(සිංහලෙං නෙවයි ඉතිං)
"මචංලා.. මට මෙහේ සුපර් මාකට් එකකදි බලු මස් හම්බුණා නේ.., මාස දෙකකිං විතර රහ බැළුවේ..!!"
මටයි ජුං ටයි ෆුල් හොල්මං. අපි නොදන්න බලු මස් මෙහේ සුපර්මාකට් වල..ජුං කියපි..
"පිස්සුද බං.. මෙහේ නෑ නෙ බලු මස්..."
"නෑ නෑ.. මේ මම ඊයෙත් කෑවා.."
"ඒක නං කොහොමත් ම වෙන්න බෑ.. මෙහේ බලු මස් විකුණන්න බෑ..!"
"හරි පොඩ්ඩක් හිටහං මම ඒ ටින් එක ගේන්න.. බින් එක අස් කළේ නෑ ඊයෙ ඉඳලා..බින් එකේ ඇති..!" ඒ අළුත් බුවා..
"කොහොමද රස..?" ඒ හිනාව තද කරගත්තු ජුං..
"කොරියාවෙ තරම්ම නෑ..ටිකක් වතුර රහයි ඊට වඩා"...
ප.ලි.
ඇත්තටම මේකත් නියම වැඩක් නේ. අපි මාළු ටින් එකක් ගත්තොත් ඒකෙ මාළුවෙක්ගෙ රූපයක් තියෙනවා. බීෆ් ටින් එකක් ගත්තොත් හරකෙක් ඉන්නවා. ඒත් බල්ලෙක් ඉන්න ටින් එකක් ගත්තොත් ඒකෙ තියෙන්නෙ බලු මස් නෙවයි.. බල්ලන්ට දෙන පොශ් කෑම. අනේ මන්දා..
බ්ලොග් එක පටං අරගෙනත් අවුරුදු දෙකක් පහුවුණා. ලිවීම නං වැඩි වෙන සීඝ්‍රතාවයෙන් අඩු වෙනවා.
බ්ලොග් එක පටං අරගෙනත් අවුරුදු දෙකක් පහුවුණා. ලිවීම නං වැඩි වෙන සීඝ්‍රතාවයෙන් අඩු වෙනවා.

කතාව පැත්තකින් තියමුකෝ...මොකක්ද බං අර අන්තිමටම කියපු වාක්කිය.. උඹත් දැන් අර සම්භාවිය ලියන උන් වගේ වචන තුනෙන් කියන්න පුළුවන් එක වචන නවයෙන් කියන්න හදනවද..?
ReplyDeleteපිස්සුද බං මාරයියෙ. මම ඇත්ත කිව්වෙ හැබැයි. ලිවීම අඩුවීමේ සීග්‍රතාවය වැඩි වෙනවා..
Deleteකොහොමද අරූට ආතල් එක ඇත්ත සිද්දිය දැනගත්තාම
ReplyDeleteඌට ඇත්ත සිද්ධිය කිව්වෙ පහුවදා.. එවෙලෙ කිව්වනං ඌ අපි දෙන්නම කනවා..
Deleteහිහ්.. වතුර රහයි.. මොකෝ වෙන්නේ අප්පා කැවා කියලා ඔව්වා හොද ප්‍රමිතියෙන් තියෙන එව්වානේ..මැරෙනවායි කැවා කියලා...
ReplyDeleteඅනිවා..
Deleteඅපෝ ඕකුන් කන ජරාවෙ හැටියට අපේ බල්ලෝ කන එව්වා පිරිසිඳු ඇති./ අමු බුවල්ලෝ පනපිටින්ම කටේ දාගන්නවා . වියට්නාමයේ උනුත් බලු මස් කනවා . පෝස්ට් එකක් ලියන්න හිතලත් නිකා හිටිය .වමනේ යනවා මතක් වෙනකොටත්
ReplyDeleteඔව් මමත් අහලා තියෙනවා..
Deleteමිනිස්සුන්ගේ කෑමට වැඩිය ගනන්ද කොහිද බං බලු කෑම! සුබ පැතුම් අවුරුදු දෙකට!
ReplyDeleteඔව්.. ස්තුතියි..
Deleteමම උනත් ඕක දැක්කනං ඇපෝ බලු මස් කියල අහක බලං යන්න තිබ්බ. අදමයි ඔය වගේ ටිං කරපු බලු කෑම ටිං එකක් දැක්කෙ.
ReplyDeleteසිරාවට.. සිංහලෙං ඕකට මිස්ලීඩිං කියල කියනවා
Deleteහී හී...ලස්සන කතාව. සුපර් මාර්කට් එකේ රාක්කවල තියන බලු කෑම ටින් මාර ලස්සනයි. කුකුල්, බැටලු, හරක්, මස් ජාති සහ පීකුදු වර්ග. බත් සහ එලවලු. මෙහේ බව්වන්ට හරි සැප.:D
ReplyDeleteඔව් ඒකනං ඇත්ත..
Deleteසුභ පැතුම්
ReplyDeleteඅවුරුදු දෙකක් තිස්සේ බෙදාගත දේවල්වලට ස්තුතියි
රැඳී සිටියාට තුති..
Deleteche schifo.....!
ReplyDeletebeninteso...!
Deleteඉක්කේයීයා... අවුරුදු දෙකට සුභ පැතුම් ඈ..
ReplyDeleteරැඳී සිටියාට තුති..
Deleteඋවෑක්කා.... :D
ReplyDeleteඅවුරුදු දෙකට සුභ පැතුම්....
ReplyDeleteඅර යාලුවා මරු. :))))
මටත් වෙලා තියෙන්නෙ ඔය අන්තිමට කියපු එකම තමා.
okunta kanna jathi natuwada manda balu mas kanne.mala jarawa.
ReplyDeleteHoda wade buwata.