Saturday, January 28, 2012

නෑසෙන ආදර ගීතයක් - ශෙල්ටන් පෙරේරා Shelton Perera

කිකිණි වැල් ගිගිරි දැල් රසය ගල ගලා
හඬද  ඒ එන්නෙ මේ සුළගෙ මුසුවෙලා

පිපෙන කුසුම් පිපීයන් නොපිපුණු මල් පිපීයන්
සඳ කැල්මෙන් නැහැවිලා  වන දෙව්ලිය හිනැහියන්
ආදරේ ආදරේ ගඟුල බිහිවෙලා

වසන්තයේ සුළං ‍රැල් දිගන්තයේ හමාවී
ආදරයේ ගීතිකා සතර දිගින් ඇසේවී
ආදරේ ආදරේ ගඟුල බිහිවෙලා

සශී පෙරේරා, ශෙල්ටන් පෙරේරා

මක් කිව්ව.. ශෙල්ටන් පෙරේරා අඳුරන්නෙ නෑ? එහෙනං පට්ස් ගාල මෙතනින් බලාගෙන එන්න..
පටිගත  කළේ කැසට් පටයකින් නිසා තත්වන නං එච්චර හොඳ නෑ. ඒත් ඉතිං මෙහෙම හරි තියෙන එක මදැයි.

Friday, January 27, 2012

විජය කුමාරණතුංග 2 - Vijaya Kumaranathunga 2


පෙබරවාරි දහසයවැනිදාට යෙදෙන ව්ජය ගුණානුස්මරණය නිසාවෙනි.
අසූවේ මුල්බාගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන ගමනට සමුදෙන විජය ශ්‍රී ලංකා මහජන පක්ෂය ලෙස නව පක්ෂයක් පිහි‍ටුවාගනී. එකළ ශ්‍රී ලාංකික සිනමාව තුළ පැවති අර්බුධකාරී වාතාවරණය සමථයකට පත් කරනු වස් විජය දැරූ තැත මොනවට පැසසුම් කටයුතුය.

එල්ටීටීයේ අත්අඩංගුවට පත්වූ පාබල හමුදා සොල්දාදුවන් මුදාගනුවස් විජය ගත් උත්සාහයත්, යාපනයේ විජයගේ සංචාරයත් විජයගේ දේශපාලන ගමන් මගේ දැල්වෙන එළි දෙකක් වැනි යැයි මට සිතේ.

කපුගේ, නන්දා මාලිනී අවුළුවමින් තිබුණු සිංහල විප්ලවීය ගීත අතරට අතර  විජය ගයන අළුගෝසුවනේ ගීතය මගින්  දුන් පි‍ටුබලය ගැන අ‍ටුවා ටිකා නොකිවමනාය.

දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්
අලුගෝසුවනේ එල්ලාපන්
අලුගෝසුවනේ එල්ලාපන්
කටු ඉඹුලේ අප එල්ලාපන්

යුක්තිය උදෙසා කෑ මොර දීමයි
දඟගෙයි ලෑමට අප සැම කල පව
මුඛවාඩම් බැඳ එකෙකු නසන කල
දනිව් සුවහසක් තව උපදින බව

වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට දයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිට කොඳු බිඳගත් ඔලමොළ නිවටුන්

සුනිල් ආරියරත්නයන්ගේ පද
සංගීතය: විශාරද ගුණදාස කපුගේ

අදටත් විජය, ජෝතිපාල, මිල්ටන් පෙරේරා නැති අඩුව අපට දැනෙන්නේ නවක ගායන තරු වල කුසලතා හීනත්වය නිසාවත් හරසුන් බව නිසාවත් නොවන බව සිහිකටයුතුය. ඒ සැබෑ මිනිසුන් ලෙස ඔවුන් දැක්වූ මානව හිතවාදීත්වය හා ආටෝපයන් තොරව තම ප්‍රතිරූපය ප්‍රතිභාවෙන් පමණක් ඉහල නංවාගත් නිසාවෙනි.
කලක් තිස්සේ - දුක හිතෙන වර්ශන් එක - තුශාරා චිත්‍රපටයෙන් (අනිත් එක අහන්න kalak thisse -1 යනුවෙන් යූටියුබ් සෙවුමක් කරන්න)

අසූ අටේ පෙබරවාරි දහසය වැනිදා එල්ලවූ වෙඩි පහර කිහිපය ඔවුන් එල්ල කළේ ඔබට පමණක් නොවේ. ඒ වෙඩි පහරේ නොමැකෙන සලකුණු තවමත්  ලාංකීය සිනමාවේ, සරල සංගීතයේ, හා මහත්මා දේශපාලනයටයේ පැහැදිලිව දක්නට තිබේ. 

මිණි කිංකිණි හඬ පරදා - උපාලි ධනවලවිතාන, සරත් දසනායක
පායා සීත ‍රැයේ - කුලරත්න ආරියවංශ, සනත් නන්දසිරි

රූස්ස ගහ ළඟ පාළු මාවතේ
කළුවර යාමේ කළු ගඟ අයිනේ
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳ දෝ හිත දැවටෙන්නේ

එහා තොටින් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට
දෙදෙනා පෙම් කළ මේ ගං තොටුපළ
සිහින නගරයකි ඔබ මා වෙන්කළ

පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුණා
පියවර හඬ මා අසලම ඇසුණා
ඡායාවකි එය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇදුණා

පද රචනය - උපාලි ධනවලවිතාන
සංගීතය - සරත් දසනායක

විජය ඔබට නිවන් සුව..! 

ප.ලි- චිජය ඝාතකයා ලයනල් රණසිංහ නොහොත් ගාමණී ලෙස පසුව හඳුනාගන්න ලදී.

නෑසෙන ගී රස විශේෂාංගයෙන් විජය කුමාරණතුංගයන්ගේ ගී කිහිපයකින් නුදුරේ හමුවෙමු..
පැරණි ගී සුරකින මියුරුගී වෙබ් අඩවියට මාගේ නොවක් ස්තුතිය හිමිවිය යුතුවේ.

මාගේ බ්ලොගර් අඩවියේ තිබූ තාක්ශණික දෝශයක් නිසාවෙන් ප්‍රතිචාරවලට පිළිතුරු දැක්වීමටද, ෆලෝ කිරීමටද නොහැකිව තිබුණි, සමාවන්න.  එම දෝශයන් දැන් නිවැරදි කොට ඇත. 

Monday, January 23, 2012

නෑසෙන ගී රස - සුනිල් එදිරිසිංහ (එම්පීත්‍රී සහිත)


සුනිල් එදිරිසිංහ කියපු ගමන් මතක් වෙන සිංදු ගොඩක් තියෙනවා නේද? පාරු පාළමෙන්, සඳකඩ පහනක, ශිල්ප සොඳින්, සොර දෙ‍ටුවෙක් වගේ ඒවා.. සාමාන්‍යයෙන් මම නෑසෙන ගී රස ලේබලය යටතේ යොමු කරන්නේ එතරම් ජනප්‍රිය නොවුන එහෙත් දෙවරක් අහන්නට සිතෙන ගීත. පහතින් ගීත 4ක් තියනවා, අහල බලන්න. . එම්පීත්‍රී සබැඳුම් www.mp3srilanka.com

දරමිටි බැඳගෙන නියඟය අවුලා
සූරිය දෙවියෝ වැඩ ඉන්නේ
වැවට දිරාගිය කඳ උඩ ඉඳගෙන
කොකුනේ කාටද හිනැහෙන්නේ

දෝතින් බොන්නට දියට නැමී
කෙකටිය ගාලෙන් ඉගිලෙනවා
හඳපානට නුඹ නිකිණි මහේ
වැව් ඉස්මත්තේ හැංගෙනවා

අහස පිහින්නට ඉපල තනා
ගහකොළ දළු මල් දන්දෙනවා
කුරහන් අහුරක සුවඳ අගේ
සිඟිති පැටව් දැක සිහිවෙනවා

-සුනිල් ආර් ගමගේ (හරියටම මතක නැත)


රෑ වැඩමුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරලි නැගෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එලියටයි පෙති ගෝමර දැවෙන්නේ
මල්විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ


නුඹේ කඳුලැලිද සයුරේ රළ නගන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ


තනිකලේ
කෙළෙසද මා ඔබෙන් වෙන්කළේ
සැඟවුනේ
කොතැනද ඒ නුවන් සැඟවුනේ

මසිත හොවා රුදුරු පාළුවේ
දුරක මැකී ගියද ඔබ මෙසේ
සිතින් ඔබේ ළඟයි මා සදා
ජීවිතේ

තනිකලේ
කෙළෙසද මා ඔබෙන් වෙන්කළේ
සැඟවුනේ
කොතැනද ඒ නුවන් සැඟවුනේ

-කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ



මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට

වසර ගණනක යොදුන් ගණනක
ගමන් මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදිනි

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව


-බණ්ඩාර කේ විජේතුංග


ජය..
වැම්පයර්

Sunday, January 22, 2012

නෑසෙන ගී රස - ගුණදාස කපුගේ...

කපුගේ ගේ නෑසෙන ගී කිහිපයක් ...............
අහන්න බලන්න


මේ සඳේම සෙවනැල්ලේ අප හමුවූයේ
මේ සඳේම කඳුලැල්ලේ අප වෙන්වූයේ

සීත හිමවතේ හමන මාරුතේ
සීත හිමවතේ හමන මාරුතේ
මේ වගේම සිහිලැල්ලේ අප තනිවූයේ

දෑස බොඳ වෙලා දෙසිත ගොළුවෙලා
දෑස බොඳ වෙලා දෙසිත ගොළුවෙලා
මේ වගේම ‍රැයක එදා අප වෙන්වූයේ


කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ



පියාඹන්න අවසරයි පියාපතද සැහැල්ලුයි
ඉතින් නිල් අහස මගෙයි
මගේ පුංචි කුරුල්ලෝ නිල් අහස විසාලයි
නුඹ ගැන තවම මට බයයි

විලිකුන් මියුරු පලින සැරසුණු වනන්තරය
එන්නැයි ලඟට අතවනයි
සසලව නොයන් පුතුනි පලවැල පිරුණු අරණ
මේ මුළු ලොවෙම උරුමයයි

අත්ත‍ටු සලන අතර උපදින සීත සුළඟ
මුළු ලොව නිවා සනසවයි
ඒ සිහිලැල් සුළඟම පුතුනේ ලොව රිදවන
සැඩ සුළඟකට මුලපුරයි

-මිත්‍ර කපුගේ සහය ගායනය


වැරහැළි ඇඳ අඩු කුළියට සළු මැසුව කුමාරී
ඉඳික‍ටුව අතේ ඇනුනාදෝ නිදන කුමාරී

තණ පලසේ බිම හොවින දිගාවී
ළැම කිණිසි තුඩක් ඇණුන කුමාරී
කණකර ගලවා ‍රැයට මුලාවී
මරු ‍රැගෙන ගියේ කොයිද කුමාරී

බිම යකඩ කඳන් වලට මුලාවී
සුදු මිනී මලක් නඩුව කියාවී
සත් පතිනි මවුන් අවදිව ඒවී
උන් උදුරාගත් සළුව ගෙනේවී

http://blogvampa.blogspot.com/2010/06/gunadasa-kapuge-living-legend.html
http://blogvampa.blogspot.com/2010/07/mariyawe-gunadasa-kapuge.html


http://blogvampa.blogspot.com/2010/07/sunflowers-with-gunadasa-kapuge-true.html

http://blogvampa.blogspot.com/2010/07/punishment-transfer-of-gunadasa-kapuge.html


http://blogvampa.blogspot.com/2010/09/ran-banda-senevirathne-01-01.html


ජය..
වැම්පයර්

Saturday, January 21, 2012

විජය කුමාරණතුංග I - Vijaya Kumaranathunga



හොඳ පෞරුශත්වයක්, රංගන හැකියාවක්, ගායන හැකියාවක්, රූපයක්, කථිකත්වයක් යන සියළු අංගෝපාංගයන් ගෙන් සැදුම්ලත් මිනිසුන් වේ නම් ඒ මුළු ලොවෙහිම අල්ප ප්‍රමාණයකි. විජය කුමාරණතුංග නම්වූ මිනිසාට ඒ සියළු දේම අඩු නැතිව පිහිටා තිබුණි. සිංහල සිනමාවේ විජයාගමනය සටහන් වන්නේ සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ශණය කරන්නට යෙදුනු "හන්තානේ කතාව" චිත්‍රපටයත් සමගයි. නවසිය හැට නවයේ තිරගතවුණු ගමෙන් නගරයේ සරසවියකට ආ තරුණයෙකුගේ කතාව තේමා කරගත් "හන්තානේ කතාව", පසුව තිරගත වූ "දුහුළු මලක්", "දියමන්ති" වැනි චිත්‍රපට වලට හොඳ කතා තේමාවක් සැපයූ වග මගේ හැඟීමයි. මෙහි විජයගේ රංගනය පසුකාලීනව තරම් ඔප මට්ටම් තත්වයේ නොවූවත් දුර ගමනක පෙර නිමිති මොනවට කියාපාන්නක් වුණා. ( මගේ පුද්ගලික අදහස අමරසිරි කලංසූරිය - සහය නළු - හන්තානේ කතාව, ගේ චරිතාංග නිරූපණ හැකියාව විජයට වඩා පිම්මක් ඉදිරියෙන් තිබූ බවයි. නමුත් ඔහුට සිංහල සිනමාවේ පෙම්වතාට සුදුසු වන රූපයක් තිබුණේ නෑ අවාසනාවට!)

හන්තානේ කතාවේ රූගත කිරීම් අතරතුර විජය කුමාරණතුංගට ප්‍රේමසිරි කේමදාසයන් මුණගැසීම සිදුවුණා. සංගීතය පිළිබඳ කිසිදු දැනීමකින් තොරව අපූරුවට ගැඹුරු හඬකින් ගී ගයන විජය කුමාරණතුංග තරුණයා පිළිබඳව කේමදාස මාස්ටර් එකෙණහිම පැහැදුණු බව සඳහන්.


හන්තානේ කතාවෙන් ඇරඹි විජයගේ සිනමා ආගමනයේ සුප්‍රසිද්ධ මං සලකුණු ලෙස කරුමක්කාරයෝ, දියමන්ති, ගඟ අද්දර, නැවත හමුවෙමු, තුෂාරා, දුලීකා, මේ දෑස කුමටද, බඹරු ඇවිත්, හිඟන කොල්ලා, රජ වැඩකාරයෝ වැනි චිත්‍රපට මතකයට නැඟේ. ගඟ අද්දර චිත්‍රපටයත් සමග ක්‍රියාකාරී පසුබිම්, සරළ ගී ගායකයෙකු ලෙසද ජන බුහුමනට විජය පාත්‍ර වීමට පටන් ගති.

විජය කුමාරණතුංග - ඔගස්ටස් විනයාගරත්නම් - නිමල් මෙන්ඩිස් -  ලෙටීශියා බොතේජු ගේ "ගඟ අද්දර" නවකථාව ඇසුරින් සුමිත්‍රා පීරිස් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ "ගඟ අද්දර"

විජය කුමාරණතුංග විවාහ ගිවිසගෙන සිටියේ මාලිනී ෆොන්සේකා මහත්මිය සමගයි. නමුත් විවාහ දිනයේදී විජයගේ අයියා (ජීවන් කුමාරණතුංග ගේ පියා) හදිසි හදවත් ආබාධයකින් මිය යනවා. විජය ගේ මඟුල් ඇඳුම තමයි මිනී ඇඳුම බවට පරිවර්තනය වෙලා තියෙන්නේත්. ඒ එක්කම විජයගේ විවාහය කල් යනවා. පසුව මාලිනී හා විජය විවාහ නොවී සිටීමට තීරණය කරනවා. එකළ තිරගතවූ සියළුම සිංහල චිත්‍රපටවල වගේ "ටැග් ලයින් එක" වුණේ "තවත් විජය මාලිනී පෙම් පුවතක්" යන්නයි. කිහිපයක හැරෙන්නට සියළුම චිත්‍රපටවල  වාගේ විජයගේ ගී හඬ වුණේ ජෝතිපාලයන්ගේ හඬයි.

මේ දෑස කුමටද චිත්‍රපටයේ..දොන් සිරිසේන සමඟ (රෝයි ද සිල්වා)

මිහිදුම් සිහින චිත්‍රපටයෙන්

නවසිය හැත්තෑ හතේ ජේආර් ආණ්ඩුව බලයට පත්වෙද්දී සම්පූර්ණයෙන්ම වාගේ බිඳවැටී තිබුණු ශ්‍රීලනිප ය පුබුදුවාලීමට විජයගෙන් ලද දායකත්වය හේතුවෙන් පක්ෂ උප ලේකම් පදවියද ඔහුට හිමිවන්නේ ශ්‍රී ලාංකික ක්‍රියාකාරී දේශපාලනයේ ස්ථිර ස්ථානයක් ලැබගනිමිනි.



ඉන් වසරකට පමණ පසුව චන්ද්‍රිකා බණ්ඩාරණායක සමග විවාපත් වන විජය හෙක්ටර් කොබ්බෑකඩුව ගේ ඡන්ද සටනේ මූලිකත්වය ගෙන කටයුතු කළේය. පසුව ආණ්ඩුවට විරුද්ධව ජනබලය මෙහෙයවීමේ වරදට සිරභාරයට පවා පත්වීය.


-මතු සම්බන්ධයි

පෙබරවාරි දහසයවැනි දිනට යෙදෙන විජය කුමාරණතුංග ගුණානුස්මරණය වෙනුවෙනි.

ජය..
වැම්පයර්

Thursday, January 5, 2012

ගණිතයේ අලංකාරතම සමීකරණය

ලියොනාඩ් ඉයුලර් කියන්නේ ස්විස්-ජර්මන් සම්භවයක් ඇති අති විශිෂ්ඨ ගණිතඥයෙක්. ඔහුගේ සොයාගැනීම් හා ඔහු විසින් දායාද කරන්නට යෙදුන බොහෝ දෑ නූතන විද්‍යාවේ දියුණුවට මහත් පි‍ටුබලයක් වූ වග නොරහසක්. විශේශයෙන්ම ග්‍රාෆ් තියරි (graph theory) යන ගණිතමය සංකල්පය ඔහුගේ අදහසක්.
ඉයුලර් සර්වසාම්‍යය ගණිතයේ අලංකාරතම සමීකරණය ලෙස ලොව ප්‍රසිද්ධයි. පහත දැක්වෙන්නේ එයයි.


$e^{i \pi} + 1 = 0$


මෙහි තිබෙන විශේෂ ලක්ශණය වන්නේ ගණිතයේ ඇති බොහෝ අලංකාර පද මේ සමීකරණයේ අඩංගු වීමයි.

pi - මේක නං නියම නොම්මරයක්, පස්සෙ මොනවහරි කියන්නම්
e - ඉයුලර්ගෙ නොම්මරේ, ප්‍රකෘති සවභාව ලඝුගණක වල පාදය (2.718...)
1 - ගුණන සර්වසාම්‍යය
0 - එකතුකිරීමේ සර්වසාම්‍ය
i - මේකත් මරු. i යනු ඒකක අතාත්වික නියතයයි (unity - imaginary)


මේ සමීකරණයේ ජ්‍යාමිතික විශ්ලේෂණයක් හා පැහැදිළි කිරීමක් පැවතුණත් දැනට කිසිවෙකුත් මෙහි ගණිතමය විශ්ලේෂණ නිරූපණයක් analytical representation එකක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබෙනවා. උසස් පෙල ශුද්ධ ගණිතය හදාරන සිසුවෙකුට පැහැදිලිව මේ සර්වසාම්‍යය සත්‍යක් බවට ඔප්පු කළ හැකියි.

මේකෙ ජොලිය තමයි ඉතින් මේකෙ 1,0 ඇරුණම අනිත් ඒව ඔක්කොම අපරිමේය සංඛ්‍යා ගණයට වැටීම. ඒ කියන්නෙ දශමස්ථාන ඉවර වෙන්නේ නෑ කොච්චර ලිව්වත්. pi, e වගේ ඉලක්කම් දශමස්ථාන දහස් ගණන් දක්වා නිවැරදිව ලබාගෙන තිබෙනවා, ඒ වගේම ඒවා පුනරාවර්තන දශම ඉලක්කම් නොවේ. එහෙම දෙකක බල ගුණිතයට එකක් එකතුකළාම උත්තරේ බිංදුවයි. ඕං බලන්නකො වැඩේ!, මක්කිව්වා.. ඔව්.. මේකෙ i ගෙන් සෑහෙන්න දෙයක් වෙනවා තමා!

උ.පෙළින්. පසුව සඟරාවකට ලියූවක කොටසක් බ්ලොගයට ගැලපෙන අයුරින් සකස් කරන ලදී. සමීකරණ බ්ලොග් දාන්න කාංචන විසින් හඳුන්වාදුන් ටූලය බාවිතා කරන ලදී..

ජය..
වැම්පයර්

Tuesday, January 3, 2012

කලකට පස්සේ..


සෑහෙන්න කාලෙකින්. පහුගිය දවස් ටිකේම කරදර. ශරීර කූඩුව නිකං මස්තබාල්දු වෙලා තිබුනෙ. ගෙට් ‍ටුගෙදර් ම තුනක් මිස්. දතුත් ගලවනවා හතරක්ම! අර හක්කෙ මුල්ලෙ එන සෙට් එක. හොදි ඕන නෑ ඉතිං. මාර සනීපයි.

මුල්ම දත ගලවද්දි  අර මුලින් හිරි වැටෙන්න මොකක්ද ගහනවනේ. ඕං මටත් ඒක ගැහුව. ම්හු.. හිරි වැටෙන්නෙම නෑ. දැං ඩොකා බලං ඉන්නව දැං හිරි වැටෙයි දැං හිරිවැටෙයි කියල. ආරංචියක් නෑ. ඒ පාර මම කිව්ව ඉතිං හිරි වැටිලද දන්නෙ නෑ, මොකෝ මම දන්නෙ නෑ නෙ හිරි වැ‍ටුනම මොන වගේද කියල.  මූ හෙන උලක් අරන් ඇන්න නේද ටෙස් කරන්න කියල.. හෆොයි!

අද භාරත ගී වින්දන අහද්දියි දැනගත්තෙ ශම්මි කපූර් මැරිල කියල!  මැරිල තියෙන්නෙ පහුගිය අගෝස්තු වලදිලු!

නවසිය පනස් ගනන්වල ඉඳන් හැත්තෑවෙ අගට වෙනකම් ශම්මි කපූර් කියන්නෙ බොලිවුඩයේ අතිශය ජනප්‍රිය චරිතයක්.  ස්වභාවයෙන්ම ඔහුට උරුම වුණ හාස්‍ය මුසු රංගන විලාශය සතුවූ වෙනත් නළුවෙක් බොලිවුඩයේ බිහි නොවුණු තරම්. පහත ගීතය උපුටා ගැනෙන්නේ ජන්වාර් චිත්‍රපටයෙන්. ගීතය ගයන්නේ මොහොමඩ් රා‍ෆි.



පුළුවන් නම් කියන්න බලන්න මේකෙ සිංහල කොපිය මොකක්ද කියලා...




එහෙනං. කට්ටියටම සුබ නව වසරක්!


PS
භාරත ගී වින්දන වැඩසටහන ඉදිරිපත් කරන රංජිත් මහතාට ස්තුතියි.

LinkWithin

Related Posts with Thumbnails