Wednesday, March 14, 2012

පයි දිනය වෙනුවෙන් පයි ගැන විස්තර

අද තමයි ලෝක පයි දිනය. කල්පනා කරල බැලුවොත් ඇයි අද පයි දියන කියල හිතාගන්න අමාරු වෙන එකක් නෑ. අද පයි දිනයෙ පයි වෙලාව තමා එකයි පනස් නවයයි තත්පර  විසි හය!  මේ සටහන පයි ගැන අමුතු අමුතු කාරණා සොයන්නන්නට. පයි ගැන ඔබ තුමන් ලා දන්නා වැඩි විස්තරත් කොමෙන්‍ටුවකින් දාලා යන්ට.

1. පයි කියන්නේ දැනට ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන දෙයක්. පයි කියන්නේ "ලොව වැදගත්ම" නියතය බව බොහෝ දෙනා පිළිගන්නා කරුණක්.

2. පයි කියන්නේ අපරිමේය (මේ සිංහල වචනෙ නං හරිද මන්දා, ඉ‍රැශනල් කියලයි කඩ්ඩෙං කියන්නේ) සංඛාවක්. ඒ කියන්නේ දශමස්ථාන ඉවර වෙන්නේ නෑ, දශමස්ථාන පුනරාවර්තනය (රිපීටිං ඩෙසිමල්ස්) වෙන්නෙත් නෑ. ඒ කියන්නේ p/q ආකාරයෙන් (p,q තාත්වික සංඛ්‍යා) ආකාරයෙන් පයි ප්‍රකාශ කරන්න බෑ!

3. ඒක නිසා වෘත්තයක පරිධිය/වර්ගඵලය, ගෝලයක වර්ගඵලය හා පරිමාව වගේ පයි කියන නියතය අඩංගුවන දේවල් න්‍යායිකව හොයලා  කවමදාකවත් හරියටම කියන්න බෑ!

4. පයි වල මුල් අංක එකසිය හතලිස් හතරේ අගය හයසිය හැට හයට සමානයි. (666 යක්ෂයාගේ ඉලක්කම)

5. දෙදහස් දෙකේදී ජපන් ජාතික ගණිතඥයන් පිරිසක් සුපිරි පරිඝනකයක් යොදාගෙහ පයි දශමස්ථාන ට්‍රිලියන 1.24 ක් ගණනය කර තිබුණා. කට්ටිය බලයි නේ මොකද මෙච්චර මේක ගැන නිවැරදිව හොයන්නේ කියලා.. උදාහරණයක් විදියට ගන්නකෝ අපේ මන්දාකිණියේ විශාලත්වය. අන්න ඒ වගේ රවුමක් කොච්චර ලොකුද කියලා බලාගන්න නිකං දන්න 22/7 න් ගුණ කරලා හරියන්නේ නෑ! හැබැයි දන්න කටිටිය නම් කියන්නේ දශමස්ථාන සීයකට අගය ඕනෑවටත් වඩා වැඩිය ප්‍රමාණවත් කියලා ඔය ගැලැක්සි වැඩේටත්!

6. පයි මුලින්ම නිවැරදි ක්‍රමයක් අනුගමනය කරමින් අනුමාන කළේ සරකියුසාවේ ආකිමිඩිස්, එහෙම නැත්නං නිකංම නිකං ආකිමිඩිස්! රෝම අධිරාජ්‍යයා සරකියුසාව යටත් කරගෙන ආකිමිඩිස්ව ගෙන්නගන්න පණිවුඩ යවලා තියෙනවා. ආකිමිඩිස් තමගේ කටයුතු වලට කෙතරම් අචධානයක් යොමුකර තිබුණාද කියනවානම් රෝමයට තමන්ගේ ප්‍රදේශය යටත් වුණු බව වත් දැනගෙන ඉඳලා නෑ! ආකිමිඩිස් බව නොදැන රෝමන් සොල්දාදුවන් අතින් ආකිමිඩිස් මිය යද්දී, "do not touch my circles!!  යනුවෙන් ආකිමිඩිස් ග්‍රීක් බසින් මොරදුන් වග සඳහන්.

7. ඇල්බට් අයින්ස්ටයින් පයි දවසේ උපන්නෙක්.

8. ආකිමිඩිස්ට පළමුව පයි පිළිබඳව ඊජිප්තු පැපිරස් ලියමනක සඳහන් වෙනවා. මේ ලියමන 1650 බී.සී. තරම් පැරණියි!

9. පයි කියන නියතය මිනිසුන් සෘජුව හෝ වක්‍රව භාවිතා කරන්නට පටන් අරන් වසර හාරදහසකට වැඩියි!
10. ග්‍රෙගරි ලෙබනීස් ශ්‍රේණිය පයි අගය ලබාගැනීමට ඇති සරල සූත්‍රයක්. පද ගණන අනන්තය දක්වා දිවෙනවා.

11. ගිසා හි පිරමීඩයේ පරිධිය හා උස අතර අනුපාතය පයි ගේ අගය මෙන් දෙගුණයකට ඉතා ආසන්නයෙන් සමානයි.

12. පයි ගේ දශමස්ථාන නිවැරදිව මතකයෙන් කීමට අයිති ගිනස් වාර්ථාව සතු වන්නේ චීන ජාතිකයෙකුට. ඔහුට දශමස්ථාන 67,890 ක් නිවැරදිව පයිගේ අගය කීමට පුළුවන් වෙලා තියෙනවා.

සුබ පයි දවසක් වේවා...!!


ප.ලි.
පයි දිනය - මාර්තු දා හතර - පයි ගේ  මුල් ඉලක්කම් 3.14 පයි වෙලාව 1.59.26 ..පයි ගේ මුල් අංක 3.1415926

Monday, March 12, 2012

නෑසෙන ගී රස.. ටෙලි නාට්‍ය ගී - සුසීමා, රතු රෝස හා ඉඳි ආප්ප කතාව- හිරුට මුවාවෙන් - අසන්නන් ගේ ඉල්ලීම්

පළමු කොටස
දෙවැනි කොටස

මේ තුන්වැනි කොටස..හා මම හිතන්නේ මම කැමතිම සින්දු ටිකක් තියන කොටස..

සුසීමා ටෙලිය දැනට ලංකාවෙ වැඩිම සින්දු ගණනක් තිබුණු එක වගෙයි මට හිතෙන්නේ. සින්දු පහක් හෝ හයක් තිබුණා. මේ දැනට මගේ ළඟ තියෙන, සොයා ගැනීමට ලැබුණු ඒවා..සියළුම ගීත වල නිර්මාණකරුවා ක්ලැරන්ස් මහත්තය තමා.

දේවතාවන් සිතන දේවල් - ක්ලැරන්ස් - සුසීමා තේමා ගීතය
video


දෑස පියාගත් කල
video



මට පෙනෙන්නෑ කොහිද ඉර හඳ

video

සිතේ සුසුම් නිවනා ගායනා


රෑ.. රෑ තාරකාවෝ.. මුමුණා කියන්නේ..මේකෙ තිබ්බෙත් සුසීමා මට මතක විදියට..

රතු රෝස ටෙලි නාට්‍යය.. කමල් අද්දර ආරච්චි ගේ මුල් කාලීන හොඳ රංගනයක් ඉදිරිපත් වූ ටෙලි නාට්‍යයක් ලෙස හැඳින්වීම නිවැරදියි. චාපා ලෙස රඟපෑ වන්දනා ලියනාරච්චිගේ එකම රංගනයත් මේ රතු රෝස නාට්‍යයයි. වන්නියට මතකයි නේ බම්ප් එක චාප ගේ.. :) අහන්න තේමාගීතය.. අමතක වෙන්න විදියක් නෑ...


ගීතය ගායනා කරන්නේ කමල් අද්දර ආරච්චි සමග ඉන්ද්‍රාණි පෙරේරා. පුද්ගලිකව මම සෑහෙන්න කැමති සින්දුවක්.

මල් යහනට වඩිනු මැනවි.. සමන් පිච්ච මල් කැකුළියේ


අද දවසේ අන්තිමට.. ඉඳි ආප්ප කතාව.. නැතිනම් හිරුට මුවාවෙන්. කුසල් කරලියද්ද හා ප්‍රීතිමාලි! මතකද දන්නේ නෑ. චම්පා ශ්‍රියාණි හා කමල් අද්දර ආරච්චි රඟපාපු මේ ටෙලියත් සෑහෙන්නම ජනප්‍රිය වුණා ඒ කාලෙදි.  අහලා බලන්න...

ඔබට හොරා ඔබ වෙත සෙනෙහස පා - දමයන්ති ජයසූරිය හා රෝහණ බෝගොඩ

මේ සින්දුවෙ මුලින්ම අර "ටං ටර ටර ටර ටං ටර ටං..." සද්දෙට අපි විදලා එන්නෙ ටීවී එක ඉස්සරහට...:)

නැවත හමුවෙමු..තව එකක් විතර දාන්නයි හිතන් ඉන්නේ.. නැත්නං මගේ බොලොගෙ ටෙලි බොලොගයක් වෙයි..


ජය..
වැම්පයර්


ප.ලි.
සියළුම ගීත ඔබේ පුද්ගලික පාචිචියට පමණක් යොදා ගන්නා ලෙස ඉල්ලමි. ප්‍රකාශන හිමිකම් පිළිබඳ ගැටළුවක් ඇතොත් මා වෙත ඊ මේලයක් යොමු කරන්න. සියළුම වගකීම් ගීතය ඉවත් කිරීමෙන් ඇවිරේ.

------------------------------------------------------------------------------------------------------

ඉංගිරිසියෙන් සොයන්නන් සඳහා
Rathu rosa teledrama song
Suseema teledrama songs
Hiruta muwawen song

Saturday, March 10, 2012

නෑසෙන ගී රස - ටෙලි නාට්‍ය ගී - දෙවැනි කොටස



 පළමු කොටස

ගංගා හා නිශ්ශංක ටෙලි නාට්‍යයේ සිනා පිපෙනා මේ වසන්තය ගීතය අදටත් ඉතා ජනප්‍රිය වග නොකිව මනාය. ලක්ශ්මන් විජේසේකර හා සමිතා මුදුන්කො‍ටුව ගායනයෙන් දායකවූ මෙහි මුල්පිටපත පහතින් ඇසිය හැකියි.

සිනා පිපෙනා මේ වසන්තය - මුල් පිටපත


පැරණි ටෙලි අතර සැරිසරද්දී නිල්මිණි තෙන්නකෝන්, රවින්ද්‍ර රන්දෙනිය, අජිත් ජිනදාස, අසෝකා වනමලී ඇතුළු නළු නිළි පිරිසක් රඟපෑ කුමාරයාණෙනි ටෙලිනාට්‍යය මතකයට නැගේ. සිඩ්නි චන්ද්‍රසේකර අධ්‍යක්ෂණය කළ කුමාරයාණෙනි හි ගීත කිහිපයක් අඩංගුව තිබුණු අතර ක්ලැරන්ස් විජේවර්ධනගේ හා  කලණි පෙරේරා ගේ සංගීතයෙන් සියළුම ගී රසගැන්වී තිබුණි.

අහන්න පහත ගීත...

හදේ කොතැනක නිවී සැඟවුණ - ඉන්ද්‍රාණි පෙරේරා

අත්වැල ගිලිහී - අමරසිරි පීරිස්

ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ  ඈත එපිට හිම කන්දෙන් ගීතය කුමාරයාණනි තේමා ගීතයයි.

ඈත එපිට හිම කන්දෙන් - මේරියන්ස් අන්ප්ලග්ඩ්  ගීතය  

ටෙලි නාට්‍යය සෙනුරි විය යුතුයි,  රූකාන්ත චන්ද්‍රලේඛා ගේ තවත් අගේ කල යුතු නෑසෙන ගීතයක්. මුල් පිටපත පහතින් ඇසිය හැකියි.

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්

අසන්නන්ගේ ඉල්ලීම් කොමෙන්‍ටුවක් හරහා යොමුකල හැකියි...

නැවත හමුවෙනතුරු..

ජය..
වැම්පයර්

LinkWithin

Related Posts with Thumbnails