Saturday, June 2, 2012

බලු මස් කෑම - Dog Meat

මම කාලයක් පාට් ටයිම් වැඩ කරපු තැනක හිටියා කොරියන් කාරයෙක්. අපි මිනිහට කියමු ජුං කියලා. අර මාරයාගේ ජුංඅලයා නෙවයි, මූ  ජී-ජුන්ග්. ඔන්න එක දවසක් පොර මට කියපි මුගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා කොරියාවේ ඉඳලා මෙහේ පදිංචියට,  ඌ බලන්න යමු කියලා.
මටත් ඉතිං සති අන්තය වැඩි වැඩක් තිබුණෙ නැති නිසාත් එතැන ඩියුටි ‍ෆ්‍රී අයිටම් තිබීමේ සෑහෙන්න ලොකු සම්භාවිතාවත් තිබුණ නිසාත් මමත් කකුල් දෙකෙන් ම කැමතිවුණා මුගේ යාළුවා බලන්න යන්න.

ඔන්න ඉතිං අපි දෙන්නා හිස් අතින්ම ගියා අළුත් බුවා බලන්න. මිනිහත් නියම බුලට් එක.   ජාත්‍යන්තර බාසාවෙන් තමයි ඉතිං අමාරුවෙං කතාව. අපි දන්නවද කොරියන්.

හරි දැං කතාව.. දැං තමයි පටංගන්නේ...

කොහොම හරි ටික වෙලාවක් යද්දි දොඩමළු වීම වැඩි වෙනවනේ. අළුත් බුවා කියනවා..(සිංහලෙං නෙවයි ඉතිං)

"මචංලා.. මට මෙහේ සුපර් මාකට් එකකදි බලු මස් හම්බුණා නේ.., මාස දෙකකිං විතර රහ  බැළුවේ..!!"

මටයි ජුං ටයි ෆුල් හොල්මං. අපි නොදන්න බලු මස් මෙහේ සුපර්මාකට් වල..ජුං කියපි..

"පිස්සුද බං.. මෙහේ නෑ නෙ බලු මස්..."

"නෑ නෑ.. මේ මම ඊයෙත් කෑවා.."

"ඒක නං කොහොමත් ම වෙන්න බෑ.. මෙහේ බලු මස් විකුණන්න බෑ..!"

"හරි පොඩ්ඩක් හිටහං මම ඒ ටින් එක ගේන්න.. බින් එක අස් කළේ නෑ ඊයෙ ඉඳලා..බින් එකේ ඇති..!" ඒ අළුත් බුවා..

"කොහොමද රස..?" ඒ හිනාව තද කරගත්තු ජුං..

"කොරියාවෙ තරම්ම නෑ..ටිකක් වතුර රහයි ඊට වඩා"...

ප.ලි.

ඇත්තටම මේකත් නියම වැඩක් නේ. අපි මාළු ටින් එකක් ගත්තොත් ඒකෙ මාළුවෙක්ගෙ රූපයක් තියෙනවා. බීෆ් ටින් එකක් ගත්තොත් හරකෙක් ඉන්නවා. ඒත් බල්ලෙක් ඉන්න ටින් එකක් ගත්තොත් ඒකෙ තියෙන්නෙ බලු මස් නෙවයි.. බල්ලන්ට දෙන පොශ් කෑම. අනේ මන්දා..



බ්ලොග් එක පටං අරගෙනත් අවුරුදු දෙකක් පහුවුණා. ලිවීම නං වැඩි වෙන සීඝ්‍රතාවයෙන් අඩු වෙනවා.

LinkWithin

Related Posts with Thumbnails